විසිවන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ වී ඇත. හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර ඇත්තේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බවත් එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට ඉඩ දීමට සලසා තීබීම සම්බන්ධව තම පක්ෂය විරුද්ධ බවයි.