19 සම්බන්ධයෙන් හදපු ප්‍රධාන සැකය තමයි පොලිස්පතිවරයා ඉවත් කර ගැනීමට නොහැකියි යන කාරණය. පොලිස්පතිවරයාගේ හැසිරීම, ඔහුට පාස්කු ප්‍රහාරයට තිබෙන සම්බන්ධය වැනි කරුණු සලකා බලා එවැනි පොලිස්පතිවරයෙක් පවා ඉවත් කර ගන්න බැරි වුනේ 19 සංශෝධනය නිසා බව මතයක් හැදුවා. ඒක සම්පූර්ණ බොරුවක්. වැරදිම වැරදි අදහසක්. 19න් වෙනස් වුනේ පොලිස්පති පත්කරන ආකාරය පමණයි. ඉවත් කිරීම වෙනසකට භාජනය වුනේ නැහැ. පොලිස්පති ඉවත් කරන්නේ 2002 අංක 05 දරණ පනත අනුවයි. 2001දී 17වැනි සංශෝධනය සම්මත වූ පසුව එයින් පොලිස්පති පත්කිරීමේ ආකාරය වෙනස් වුනා. ඉන්පසුව පොලිස්පති ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වෙනම පනතක් සම්මත කෙරුණා. ඒ වගේම දැන් කියනවා වැඩබලන පොලිස්පතිවරයෙක් තියාගෙන යන්න සිදු වෙලා තිබෙන්නේ 19ය නිසා කියලා. අවශ්‍ය නම් පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන්. ඉතාමත් කෙටි කාලයකින් අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක ඉවත් කළා. පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාගේ ධුර කාලය අවසන් වුනේ පසුගිය අප්‍රේල් මාසයේ. ඒ නිසා අවශ්‍ය නම් අලුත් පොලිස්පතිවරයෙක් පත් කරගන්න පුළුවන්කම ආණ්ඩුවට තිබෙනවා. නමුත් මේ ආණ්ඩු වැඩබලන පොලිස්පති සමග වැඩ කරන්න කැමතියි. වැඩබලන කෙනාගේ ඉදිරියේ කැරට් අලයක් තිබෙනවා තම තනතුර ස්ථිරකර ගැනීමේ කැරට් අලය. ඒ අනුව ආණ්ඩුව තමන්ට ඕන විදියට වැඩබලන පොලිස්පතිගෙන් වැඩ ගන්නවා. ඒ නිසා තමයි රාජසභා මණ්ඩපය ඩෝසර් කරපු නගරාධිපති අත්අඩංගුවට ගන්නේ නැත්තේ. ඉස්සන් කොටු හදන්න වනය ඩෝසර් කරන්න නියෝග කරපු කෙනා වෙනුවට ඩෝසරය අත්අඩංගුවට ගන්නේ ඒ අනුවයි. ඒ නිසා පොලිස්පතිවරයා සම්බන්ධකරගෙන 19 ගැන හදන මතය අවලාදයක් සහ අසත්‍යයක්.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක.