පසු ගිය පාර්ලිමේනතු මැතිවරණයෙන් ලංකා සමසමාජ පක්ෂය විසින් පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ සියලුම අපේක්ෂකයන් පරාජයට පත් වූ අතර එහි නායක මහාචාර්්‍ය තිස්ස විතාරණ හටද පාර්ලිමේනතු වරම් හිමි වූයේද ජාතික ලයිස්තුවෙනි. අද දින එහි වෘර්තිය සමිති ප්‍රධානීන්ගේ හමුවේදීද දැකගන්නට ලැබුනේ සුපුරුදු මුහුණු ටිකකි.
මෙසේ තරුණයන් සහ නවකයන් මෙම පක්ෂය තුල දකින්නට නොලැබෙන්නේ නම් ඉදිරියේදී මෙම ජාතික ලයිස්තු අසුනද අහිමි වී යාම මෙන්ම පක්ෂයේ පිරිහී යාමද නොවනු මානය. වාමාංශික අදහස් ඇති පක්ෂයක් ලෙස අතීතයේ නම් දරා ඇති මෙම පක්ෂය ආචාර්්‍ය ඇන් ඇම් පෙරේරා වැනි දැවැන්තයන් බිහි කළ පක්ෂයකි.
එබැවින් ලංකා සමසමාජ පක්ෂයේ ඉදිරි පැවැත්ම රදා පවතින්නේ නවකයින්ට සහ තරුණයින්ට ලබා දෙන අවස්ථාව අනුව බව අප අවදාරනය කරන්නෙමු.
…ගමගේ…