දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (07) දිනයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව එහි වැඩිදුරටත් සදහන් වේ.