20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට ඇතුලත්වියයුතු ප්‍රතිපාදන කිහිපයක් පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ආණ්ඩුවට බලපෑම් කරන බව වාර්තාවේ. එසේ නැවත ඇතුලත් කළ යුතු කරුනු අතර ද්විත්ව පුරවැභාවය, නැවත පැනවීම විඝනන කොමිසම නැවත පිහිටුවීම සහ ඇමතිවරුන් පත් කිරීමේ සීමාව ආදිය සාකච්ඡාවට ලක් වී ඇති බව වාර්තාවේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව අධ්‍යයනය කොට අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමට කාලය ලබා නොදී කෙටුම්පත ඉදිරිපත් කළ දිනයේ දීම එය සම්මත කිරීම පිළිබඳවද යම් විරෝධයක් මතු වී ඇති බවද වාර්තාවේ.