රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම,කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් අමතර ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා මාසයකට අනුමත කර ඇති රුපියල් 8,000 ප්රමාණවත් නොවීම, නීතිඥවරුන් හමුවිමට දැනට ලබාදෙන විනාඩි 30 කාලය පැයක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මීට පෙරද බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ආහාර වර්ජනයක නිරත විය.