අලූත් ආණ්ඩුව පත්වෙලා දවස් 10 ක් යන්න ඉස්සෙල්ලා කම්කරු ඇමති කියනව රටේ කම්කරු නීති 5 ක් වෙනස් කරනව කියල. පහුගිය ආණ්ඩුවත් මේ රටේ හාම්පුතුන්ගේ උවමනාවට ඔක්කොම එකතු කරල එක නීතියක් හදන්න හැදුව. 1886 ඉඳල දි සටන් කරල දිනාගත්ත පැය 8 වැඩදිනය පැය 9 ක් කරන්න හදනව. කාන්තාවන් රාත්‍රී සේවයේ යොදවන්න බෑ කම්කරු කොමසාරිස් ජනරාල්ගෙ අවසරයක් නැතුව. ඒ වගේම ඒක මාසෙන් මාසෙ දීර්ඝ කරන්නත් ඕන. අද අවු. 16 ඉඳල ලාබෙට බාල ශ්‍රමය ගන්න හාම්පුතුන්ට ඕනවෙලා තියෙනව. මේ සංශෝධන වගේම සේවක අර්ධ සාධක අරමුදල, සේවක වන්දි පනත, ඒ වගේම සේවක භාරකාර අරමුදල වගේ පනත් ඇතුලූ පනත් ගණනාවක් සංශෝධනයට සකස් කරමින් තියෙනවා. වැඩකරන ජනතාවගේ සල්ලි විතරක් නෙවෙයි කාලයත් කොල්ල කමින් පැය 24 න් මේ පනත් වෙනස් කිරීමේ හාම්පුතුන්ගේ, ආයෝජකයින්ගේ උවමාන ඉෂ්ඨ කරන්න මේ සංශෝධන හරහා ආණ්ඩුවට පුලූවන්.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ.