හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග 20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා තම උපරිම සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඇයගේ මෙහෙයවීමෙන් ගොඩ නැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය ද මේ වන විට විපක්ෂය සමග සෘජුව කටයුතු කරමින් සිටින අතර නුදුරේදීම බිහි කිරීමට නියමිත පොදු වේදිකාවකට කුමාරතුංග ගොඩවීමට නියමිතය.