- පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ. -
ස්ථානාධිපති,
මිරිහාන පොලිසිය,
මිරිහාන.
ගරු පොලිස්පතිතුමනි/ස්ථානාධිපතිතුමනි,
ජනාධිපති නිවස අසළ විරෝධතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම
• පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේන යටතේ සිදුවීමට ඉඩ දුන්නේ ගෝඨාභය දිනවීමේ දේශපාලන ඩීල් එකකට ද?
• මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට නොගන්නේ, රජය ඔහු සමඟ දේශපාලනය කරන්නේ ඒ නිසා ද?
• ප්‍රහාරය ගැන කතෝලික ශිරන්ති කාදිනල් හිමිපාණන්ට නොකිව්වා ද? නොකිව්වේ ඇයි?
මෙම සංවිධානයේ සභාපතිවරයා ලෙස මා විසින් උක්ත මාතෘකා යටතේ, අතිගරු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසට පිවිසෙන අතුරු මාර්ගය අසල ප්‍රධාන මාර්ගයේ දී, කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව, මහජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන්, තනිවම උපවාසයක්/විරෝධතාවක් 2020 සැප්තැම්බර් මස 29 වනදා (හෙට) පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ කටයුත්ත සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගරු අධිකරණය මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස මා මින් ඉල්ලා සිටිමි.
ජේසු පිහිටයි,
මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය
Mobile – 0773083479