පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබේ. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී එල් පීරිස් සඳහන් කරන්නේ ජනමත විචාරණයට තුඩු දෙන කරුණු කිසිවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු නොවන බවයි.