topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කතෝලික සභාවේ වැඩ විහිළු සහගතයි….සිදු කලේ ආණ්ඩුවට පක්ෂපාතීව සිටීමයි.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාවේ විහිළු සහගත වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්

පසුගිය 2020 අප්‍රේල් මස 14 වනදා, එනම් 2019 වසරේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සනිටුහන් වීමට දින කීපයකට පෙර හිටපු අමාත්‍ය රිශාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමකට ලක් විය.

වගකිවයුතු කතෝලික ආගමික නායකයෙක් ලෙස කටයුතු නොකර, ඒ සම්බන්ධයෙන් කරුණු නිසියාකාරව විග්‍රහ නොකර, රජයේ එම දේශපාලන සංදර්ශනයට හා රජයට පක්ෂපාතී මැතිවරණ උණුසුමට සහයෝගයක් වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කිරීමට කටයුතු කිරීම ප්‍රශ්න කරමින් මා විසින් රහසිගත ලිපියක් හා වාර්තාවක් කාදිනල් හිමිපාණන් වෙත යොමු කිරීමට කටයුතු කලේ පසුගිය 2020 අප්‍රේල් මස 19 වනදා ය (අමුණා ඇත).

එහි දී පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ සත්‍ය සොයා ගැනීමට නම් කොමිෂන් සභා විසින් ඇසීමට අවශ්‍ය වන මූලික ප්‍රශ්න හා ප්‍රහාරය සිදුවීම ඉඩ හැරීමට හේතු විය හැකි මූලික හේතු, ප්‍රහාරයට පෙර සිද්ධීන්, ප්‍රහාරය, ප්‍රහාරයට පසු සිද්ධීන් හා එහි තොරතුරු මාධ්‍ය ඉදිරියේ  විකෘති වූ  රටා දැඩි විශ්ලේෂණයකට ලක් කිරීමෙන් පසු මාගේ මතය ලෙස ඉදිරිපත් කර ඇත.

එම වාර්තාවේ රියාද් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ දෝෂ පෙන්වාදීමට මා කටයුතු කරනා අතර, ඒවා සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස අවධානය යොමුකළ යුතු බවට ද පෙන්වාදීමට කටයුතු කර තිබුණි.

එවැනි පසුබිමක, මැතිවරණයට පෙර යැවූ එම වාර්තාවේ ඇති කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේ ක්‍රියාත්මක නොවී, මැතිවරණයෙන් පසු රියාද් බදුර්දීන් නිදහස් වීමෙන් පසු උන්වහන්සේ විසින් පසුගියදා මාධ්‍ය හමුවක දී රියාද් බදුර්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් විරෝධයක්/අප්‍රසාදයක් දැක්වීම විහිළු සහගත ක්‍රියාවක් බවට පෙන්වා දීමට කැමැත්තෙමි.

රාජපක්ෂ පවුලේ පුතෙකුගේ විවාහයේදී පෝරුව චාරිත්‍රයෙන් පසු විවාහයට අදාළ කතෝලික දේව මෙහෙය පැවැත්වීමට කටයුතු කරන ලදී (සාක්ෂි අමුණා ඇත). නමුත් එසේ කිරීම කතෝලික සභා නීතිය ප්‍රකාරව සාමාන්‍යය කතෝලිකයන්ට කල නොහැක්කක් වේ. නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් කතෝලික සභාව එම අකටයුත්ත සිදු කෙරූ පුද්ගලයන්ට, පූජකයන්ට එරෙහිව කතෝලික සභාවේ සභා නීතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබිණි. කාදිනල් හිමිපාණන්ගේ අගරදගුරු බල ප්‍රදේශය තුල රාජපක්ෂ පවුල හමුවේ ශුද්ධවූ කතෝලික සභාවේ එකම සභා නීතිය ද දෙකඩ වීම කතෝලික සමාජයේ දැඩි දෝෂාරෝපණයට හේතුවී ඇත.

එකල පාලකයන්ගේ කැමැත්තට නීතිය නැමිල්ල තුලින් නිවැරැදි පුද්ගලයෙක් වූ කුරුසයේ ඇණ ගසා මරා දැමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් පැවත එන ශුද්ධ වූ කතෝලික සභාව ලොව පුරා මරණ දඬුවමට විරුද්ධව රජයන් සමඟ ගැටෙමින් කටයුතු කරන පසුබිමක, රටේ පවතින රජයට පක්ෂපාතී වීම සඳහා, එදා ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පසුබිම නොසලකා හරිමින් මීණි දකින්න ආසාවෙන් මිනිසුන් එල්ලා මැරීමෙන් දේශපාලන චරිතයක් වීමට ගිය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මරණ දඬුවමට පක්ෂව ප්‍රකාශ සිදු කිරීමට කාදිනල් හිමිපාණන් කටයුතු කිරීම ද කතෝලිකයන්ගේ දැඩි දෝෂාරෝපණයට හේතු විය.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සමාජයට උගන්වන මූලික පාඩමක් වන්නේ ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට රටේ නීතිය පොදු විය යුතු බවයි. නැතහොත් සිදු වන්නේ පහත් තැනින් පමණක් ජලය ගලා බැසීමයි.

එවැනි පසුබිමක වර්තමාන රජය 20 වන සංශෝධනය හරහා නීතිය ඉදිරියේ ජනාධිපතිවරයාට සම්පුර්ණ මුක්තිය ලබා ගැනීමට කටයුතු කරමින් ඇත. එයට විරුද්ධව කාදිනල් හිමිපාණන් හෝ කතෝලික සභාවේ කතෝලික රදගුරු මණ්ඩලය නිල වශයෙන් විරෝදයක් නොදක්වා සිටීම බරපතළ කාරණාවක් වන්නේ එය ශුද්ධවූ කතෝලික සභාවේ සමාජීය වගකීම් පැහැර හැරීමක් පමණක් නොව, පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට හා පීඩාවට පත් අය පාවාදීමක් වේ.

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කතෝලික ආගමේ මූලධර්ම මත සිට ශ්‍රී ලංකාවේ ජනසමාජය තුල තම සමාජීය වගකීම් කලක සිට පැහැර හරිමින් සිටින්නේ ඒවා සම්බන්ධයෙන් කතෝලිකයන් ලෙස අප සභාවේ මැදිහත් වීම ඉල්ලු විට ඒය ඉල්ලන අපට ද රදගුරුවරු ඔවුන්ට ඒවාට වෙලා නෑ කියා දෝෂාරෝපණ කරමින් ය. තවත් ඇතැම් විට ආණ්ඩුවට විරුද්ධ වුනාම පූජකයන්ට වීසා හදාගන්න අමාරුවෙයි යැයි නිදහසට කාරණා කියමින් ය.

තවද, මෙරට දශක කීපයක් තිස්සේ නීතිය ඉදිරියේ මුක්තිය ලබමින්, තම තමන්ට ඕනෑ විදියට මෙරට උත්තරීතර නීතිය වෙනස් කරමින් වර්ධනය වන සදාචාරාත්මක නැති, වගකීමක් නැති දේශපාලන ගමණට එරෙහි වීමට ශ්‍රී ලංකා කතෝලික සභාව සක්‍රියව කටයුතු නොකිරීමේ පසුගාමී වැඩ පිලිවලෙන් මූලික ලෙස වන්දි ගෙවීමට සිදුවූයේ කතෝලික ජනතාවටම ය.

කොවිඩ් 19 වැලඳී හෝ වැලඳී බවට සැකයක් සහිතව මියගිය අයගේ දේහයන් කොවිඩ් 19 සම්බන්ධයෙන් ලෝක සම්මතයට විරුද්ධව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ක්‍රියාපෙලිවෙත හරහා මෙරට කතෝලික ජනතාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් පැහැරගැනීම එලිපිට සිදුවන හා දේහයන් සම්බන්ධයෙන් කිතුණු විශ්වාසය (නොදිරන ශරීර) උල්ලංඝනය වන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කතෝලික සභාව සිදු කලේ ආණ්ඩුවට පක්ෂපාතීව සිටීම ය.

ඉදිරියේ දී මේ කරුණු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් හරහා අප විසින් ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඍජුව දැනුවත් කිරීමට කටයුතු කරන අතර, දැනට සිටිනා කතෝලික රදගුරුවරුන්ට මෙරට දේශපාලනය සුරතල් කිරීම නවතා වෙනත් රටවල මෙන් කතෝලික සභාවේ සමාජීය හා ආගමික වගකීම් ඉටු කිරීමට රජයන්වලට විරුද්ධ වෙමින් කටයුතු කිරීමට නොහැකි නම්, ඉදිරියේ දී ශ්‍රී ලංකා කතෝලික සභාවේ සමාජීය හා ආගමික වගකීම් නිසියාකාරව ඉටු කල හැකි තරුණ නායකත්වයක් කතෝලික රදගුරු මණ්ඩලය හරහා පිහිටුවීම ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඍජු වගකීමක් බවට පෙන්වාදීමට අපි එහිදී කටයුතු කරනු ඇත.

ජේසු පිහිටයි,
මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය

Leave A Reply

Your email address will not be published.