හඳුනාගැනුණු ආසාදිතයින් අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනා ගත් මොවුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙකු බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.