මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේය.
මෙම වෛරස් පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, කුඩා ඉඩක විශාල පිරිසක් රැඳීම, නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.