topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නැවතත් කොළඹ විශ්වවිද්‍යාල ඉඩම් කොල්ල කෑමේ සැලැස්මක්.

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විකුණාදැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාර්්‍ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව චෝදනා කරයි.

මින් පෙරද ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධය පළකළ මෙම ව්‍යාපෘතිය අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලය විනාශ කිරීමේ තත්වයක් බවද ඔවුන් චෝදනා කරයි. ආණ්ඩුවේ නායකත්වය විසින් කොළඹ වටිනා ඉඩම් සමාගම්වලට විකුණා කොමිස් උපයාගැනීමේ මෙහෙයුමකට අදාළ බව චෝදනා නගන බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

අදාළ ඉල්කකය වී ඇත්තේ කොළඹ සරසවියේ ග්‍රහලෝකාගාරය අවට ඉඩම සහ මුත්තයියා පාරේ පිහිටි සරසවි නේවාසිකාගාර භූමි ප්‍රදේශයයි.  කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විශ්ව විද්‍යලායේ ප්‍රයෙජාජනයට අවශ්‍ය නොවන බවත් ඒවා විශාල පරිමාණයෙන් ආර්ථික ප්‍රතිලාභ උපදවන  ආයෝජන වෙනුවෙන් යෙදවිය යුතු බවත් ආණ්ඩුවේම ඇමතිවරු අදහස් පළකර ඇතැයිද ඔවුන් පවසයි.

මින් පෙරත් කොළඹ සරසවිය ගම්පහ දිවුලපිටියට ගෙන ගොස් ඒම ඉඩම් ආයෝජකයන්ට අධික මුදලකට පැවරිය හැකි බවට පසුගිය ආණ්ඩුවල සැලසුම් අනාවරණය වී ඇති අතර එහිදී අචාර්යවරුන් සහ සිසුන් මතු කළ විරෝධය හමුවේ ඒවැනි සැලසුම් යටපත් විය.

මේ වනවිට ආණ්ඩුවේ විකිණීමේ ව්‍යාපෘති හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ සම්පත් කොල්ලකෑමට ඒරෙහිව ආචාර්යවරුන් හා ශිෂ්‍ය ශිෂයාවන් මෙන්ම මව්පියන් අතර විරෝධයක් මතු වෙමින් තිබේ.අධ්‍යාපනයට තවත් අවස්ථා වැඩිකරන බවටත් ප්‍රතිපාදන ලබාදෙන බවටත් පවසන මැතිවරණ කාලයේ මෙන් නොව, මැතිවරණ ජයගත් පසුව පාලකයන් ජනතාවට හිමි සියල්ල කොල්ල කෑමේ නිරත වෙමින් සිටින බව පැහැදිලිය.

අධ්‍යාපන අයිතින් වෙනුවෙන් ශිෂ්‍යයන්, ආචාරය්වරුන් හා මව්පියන් ඇතුලු බහුජන ව්‍යාපාර සිදුකරන අරගලයට කොළඹ විශ්වවිද්‍යාලයේ අනතුරද පරාජය කිරීමේ අරමුණ එක් විය යුතුව තිබේ. මෙම ඉඩම් කොල්ලකෑමේ ප්‍රයත්නය සම්බන්ධයෙන් කොළඹ සරසවියේ ආචාරය්වරුන් කිහිප දෙනකු සිය විරෝධය සටහන්කර තිබිණි.

ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන ආකාරයට ශිෂ්‍යයන් හා ආචාරය්වරුන් ගෙන ගිය උත්සාහයන් නිසා කොළඹ විශ්වවිද්‍යාලයට හිමිව තිබුණු භූමිය දෙගුණයක් පමණ විශාල වී එහි අධ්‍යයන කටයුතුවලට පහසුකම් ලබාදීම සිදුව තිබේ. ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකින් මේ බව ප්‍රකාශකර ඇත.

Leave A Reply

Your email address will not be published.