ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා වන තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව බවත් තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු උපදේශකයකු වන බවත් පෙන්වා දෙන මහාචාර්ය තිස්ස විතාරණ කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැතැයි පවසයි.
අද වන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවී අවසන් බවත් ශ්‍රී ලංකාවට බරපතල අවධානමක් පවතින බවත් මෙවර වෛරසය ඉතාම ප්‍රබල බවත් මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ ගැටලූ ඇති බව පෙනී යන නමුත් ඒ කිසිවක් පෙන්වා දීමට තමන්ට අවස්ථාවක් නැති බවත් ඔහු පවසයි.
යම් නිවැරදි ආකාරයකින් වෛරසය පාලනය කළ හැකි බවට තමන් විශ්වාස කරන නමුත් කොළඹ තත්ත්වය ඉතාම බරපතළ බවත් පෙන්වා දෙන ඔහු මෙම වෛරසය මැඬලීම සඳහා එන්නතක් ගැන බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත් පවසයි.
එසේ සොයාගත්තද ලංකාවට ඉතා ඉක්මනින් ලැබේවි යැයි සිතන්නට නොහැකි බවද අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් පැවසීය.
…ගමගේ…