ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායේ ඉහළ නිලයන් විසින් හඳුන්වාදී තිබෙන ලොතරැයියක් අනිවාර්යයෙන් විකිණිම සඳහා පහළ නිලයන්ගේ වැටුපෙන් රුපියල් 4000ක මුදලක් කපා ගැනීම ආරම්භ කර ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබේ.
මෙම ලොතරැයිය කුමන අරමුණකින් පවත්වන්නේද යන්න හෝ සඳහන් නොවී තිබීම විශේෂත්වයකි. මෙයට පෙර හමුදාව තුළ මෙවැනි ලොතරැයි අලෙවි කරමින් සුභසාදන කටයුතු හෝ මෝටර් රථ ධාවන තරඟ සඳහා අරමුදල් සම්පාදනය කරගනු ලැබීය. එවැනි අවස්ථාවලදීද සොල්දාදුවන් මත අනිවාර්යයෙන්ම ලොතරැයිපත් විකිනීමට බලකර තිබිණි.
මෙවර ඉංජිනේරු බළකායෙන් ක්‍රියාත්මක කරන මෙම ලොතරැයි ටිකට් පොත් දෙකක් මිලදී නොගන්නේනම් සොල්දාදුවන්ට මාසයට නියමිත නිවාඩු ලබා දීම හෝ සිදු නොකරණ බවට ඇතැම් ඉහළ නිලයන් විසින් බලපෑම් කරන බවට වාර්තා වේ. මාසික වැටුපෙන් ගෙවීම සඳහා ණය ලබාගෙන තිබෙන සොල්දාදුවන් මේ නිසා බලවත් පීඩාවකට පත්ව සිටින බවද වාර්තා වේ.