පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වශ්‍රාම යාමේ වයස 60ක් දක්වා දීර්ඝ කිරීම තුලින් ආණ්ඩුව කර ඇත්තේ ඉදාරි වසර 05ක කාලය තුල අර්ථසාධක මුදල් ගෙවීම අත්හිටුවා එම මුදල් ආණ්ඩුවේ නය උගුල පියවා ගැනීම සදහා බාවිතා කිරීමට බවට බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව පවසයි.
ආණ්ඩු ලබා ගෙන ඇති දේශිය නය මුදල් වලින් 60%ක් පමණ ලබා ගෙන අත්තේ සේවක අර්ථසාධක අරමුදල තුලින් බවත් මෙම සේවකයන්ගේ අරමුදල කොල්ල කෑම සදහා සෑම ආණ්ඩුවක්ම නොයෙක් නොයෙක් ආකාරයට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ වයස අවුරුදු 50න් විශ්‍රාම යන කාන්තාවකට සේවක අර්ථසාධක අරමුදල වයස අවුරුදු 60දී ලබා ගන්නා තෙක් ඇය ජීවත්වන ආකාරය වයෝවෘර්ධයෙක් විදියට අගමැති මහින්ද රාජපක්ෂ පැවසාය යුතු බවයි.
මෙම ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා ඡන්දය භාවිතාකර විශාලම පිරිස කාන්තාවන් වන බැවින් අගමැතිවරයාගෙන් මෙම ප්‍රශ්නයට අනිවාර්ය පිළිතුරක් බලාපොරොත්තු වන බව පවසන දුමින්ද නාගමුව සදහන් කරන්නේ ලොකයේ කිසිම රටක මෙවැනි තත්වයක් නොමැති බවයි.
තව දුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ අය වැය යෝජනාවක් ගෙනා පමනින්ද මෙය සිදුකර නොහැකි බවත් එය සිදු කිරීම සදහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක පනතද ශංශෝධනය කළ යුතු බවයි. එය ශංශෝධනය කිරීමට පෙර රටේ ලක්ෂ 25ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයින් මීට විරුද්ධව පෙළ ගස්වන බවද ඔහු පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් ණය ලෙස පසුගිය ආණ්ඩු ලබා ගෙන ඒවායේ ප්‍රතිලාබද ගෙවීම මේ වන විට මග හරිමින් සිටින බව පෙන්වා දෙන ඔහු පවසන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස 60ක් දක්වා වැඩි කළේ යැයි නොකියා ඉදිරි අවුරුදු 05 සදහා අර්ථසාධක අරමුදල් සහ එහි ප්රතිලාභ ලබා නොදෙන්නේ යැයි පැසූවේ නම් එය වඩාත් නිවැරැදි බවයි.
රාජ්‍ය සේවකයන්ටද වෙනත් රැකියාවක් කිරීම සදහා අවසර ලබාදීම තුලින් පවසන්නේ ඉදිරි වසර 05 සදහා රාජ්‍ය අංශයේ පඩිවැඩි වීමක් නොකරන බව යනුවෙන් බවද පවසන දුමින්ද නාගමුව ආණඩුවේ ගුරු සංගම් මෙම ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා කඩේ යමින් එවකට සදහන් කළේ ආණ්ඩුව බලයට පැමිණ පළමු අය වැයෙන්ම ගුරු වදුහල්පති වැටුප් ප්රශ්නය විසදන බවට යැයි පැසුවද මෙම අය වැය තුල ඒ පිළිබද කතාවක්වත් නොමැති බවයි.
අසාධාරණයටත් පත් සියලුම ජනතාව වෙනුවෙන් කුමන මරධනයක් යටතේ උවද සටන් කරන බව පවසන ඔහු මේ සදහා වෘර්තීය සංගම් එක්ව ඉදිරියේදී රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාර මෙන්ම වෘර්තීය ක්‍රියාමාර්ග වලද නිරත වීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් පැවසීය.
…ගමගේ…