ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.
“ලලිත් සහ කුහන් අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය රාජපක්ෂට සිතාසි යැවීමේ බලයක් නැති අතර ජනාධිපතිවරයෙකු අධිකරණයට ගෙන්විය නොහැක.
අපි එම හේතු දෙකම පිලිනොගනිමු. අධිකරණය ගෝඨාභය රාජපක්ෂ හට සිතාසි යැව්වේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස වන අතර රජයේ නිලධාරීන්ට සිතාසි යැවීමේ බලයක් අධිකරණයට ඇත. එමෙන්ම මෙම නඩුවට ඔහු කැඳවන්නේ චූදිතයෙකු ලෙස නොව සාක්ෂිකරුවෙකු ලෙසය.
යමෙක් ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැත. අප මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන අතර නීතිමය අරගලයට සීමා නොවී යුක්තිය උදෙසා දේශපාලන අරගලය පණ පොවමු. මේ ප්රශ්නය ලලිත් සහ කුහන්ට සීමා නොවේ. මෙය සියළු අතුරුදන් කිරීම් වලට එරෙහි අරගලයේ සංකේතයකි”
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.