ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙම පිරිස අතර ප්‍රවීණ රංගදරයකු සහ නිවේදකයකු ගේ වැඩිමහල් පුතෙකුද වන අතර මොහු රූපවාහිනී ආයතනයක සුපිරි තරු තෝරාගන්නා තරඟයක නිවේදකයකු ලෙස ද කටයුතු කර තිබේ.
කොරෝනා පොසිටිව් වූ සියලූම නලූ නිලියන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකොට ඇත. මෙලෙස රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් කොරෝනා රෝගය වැළදීම නිසා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක්ම අතිශයින් අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ වන විට ටෙලිනාට්‍ය රූගත කිරීමේ කටයුතු කිහිපයක් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවද වාර්තා වේ.