කොරෝනා ආසාදිතයින් රෝහල් වෙත රැගෙන යාමට යොදාගන්නා සුවසැරිය ගිලන් රථ සේවකයින්ට පහසුකම් නොමැති බවට චෝදනා කරමින් ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එම ගිලන් රථ සේවක සංගමයේ සාමාජිකයින් තිදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
ඊයේ රාත්‍රියේ සුවසැරිය පදනමේ කළමනාකාරීත්වය විසින් තමන් ඇතුළු තිදෙනාගේ සේවය අත්හිට වූ බවට දැනුම් දුන් බව අද(26) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුව සැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගිකා වීරසිංහ පවසා ඇත.
මොවුන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් 1990 සුවසැරිය සේවා පදනම නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ ආයතනයේ නීති උල්ලංඝණය කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් මෙම සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවයි.