topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතුරු වෙන්නේ නැගෙනහිර ජැටිය බේරා ගත්තොත් විතරයි.

ජාතික සම්පත් විකුණන්නේ නැති බව කියමින් බලයට ආව රාජපක්ෂවරුන් අද හැල්මේ විකිණීම පටන්ගෙන තිබෙනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීමට අමතරව ගාලු වරායේ ඉඩම් අවුරුදු 35ක් බදුදීමට මැනුම් කටයුතු කරනවා. ගාල්ල පොලිස් බැරැක්කය ඇතුළු ඉඩම් අවුරුදු 99කට බදු දෙන්න මැනුම් කටයුතු කරනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ෂධක්‍ සමාගම බලහත්කාරයෙන් තියාගන්න ඉඩ ඇරලා. ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත්කරගෙන තිබෙන්නේ සුපුරුදු ලෙසම මහජන දේපොළ විකිණීමයි. ඔවුන් ජනතාවට කියන්නේ පුළුවන් නම් හොයාගෙන කාපල්ලා, අපි විකුණන් කනවා කියලයි. ආණ්ඩුවේ අද ප්‍රතිපත්තිය මේකයි.

 

අපි ජනතාවට කියන්නේ ආණ්ඩුව ගෙනයන මේ ප්‍රතිපත්තියට ඉඩ දුන්නොත් දරුවන්ගේ අනාගතයට කිසිම දෙයක් නැතිවෙන බවයි. කොළඹ වරාය ආසියාවේ ප්‍රධාන වරාය අතරින් එකක්. ඒක ලෝකයේ 22වැනි ප්‍රධාන වරාය. භූගෝලීය පිහිටීම අතින් ගත්තාම සේද මාවතේ තිබෙන වැදගත් වරායක්. වරාය අධිකාරියට අයිති වරායන් 07ක් අපේ රටට තිබෙනවා. කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, පේදුරුතුඩුව, ඔලුවිල්, සහ කන්කසන්තුරේ වරායන්. මින් කන්කසන්තුරේ, පේදුරු තුඩුව, ඔල්විල් වරායන් අක්‍රීයයි. ඒ වරායන් සංවර්ධනය කරන්න කියලා ඉල්ලන්නේ නැතිව කොළඹ වරායටම එන්නේ ඇයි? මේ වෙනකොටත් වරාය අධිකාරියෙන් පවත්වාගෙන යන තැනක් විකුණන්න හදන්නේ ඇයි?

 

ලෝකයේ ප්‍රවාහන සේවා කුඩා නැව්වල සිට විශාල නැව් දක්වා පරිවර්තනය වෙලා. දැන් එන්නේ කන්ටේනර් 20,000කට වඩා ගෙන යා හැකි විශාල නැව්. ඒ නැව් එන්නේ ගැඹුරු වරායවලට විතරයි.  කොළඹ වරායට අයිති ජැටිවලට එන්න බැරි නැව් 374ක් ක්‍ෂක්‍ඔ ජැටියට ගිහින් තිබෙනවා. මේ ජැටිය මීටර් 18ක් ගැඹුරයි. දැන් විකුණන්න යන නැගෙනහිර ජැටියත් මීටර් 18ක් ගැඹුරුයි. මේ නිසා විශාල නැව් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ආණ්ඩුව විකිණීමේ ක්‍රියාමාර්ග ඉලක්ක කර ගත්ත කැබිනට් පත්‍රිකා තමයි දාන්නේ. 2019 මැයි මාසයේ කැබිනට් පත්‍රිකාවක් දාලා රනිල්-මෛත්‍රී ආණ්ඩුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.  ඊට පස්සේ මේ ආණ්ඩුවෙන් 2020 ජූනි මාසේ 20 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා. රනිල්-මෛත්‍රි පාලන කාලයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඉස්සරහට යන්න ගෙනා කැබිනට් පත්‍රිකාවක් ඒක. ඊට පස්සේ පසුගිය ඔක්තෝබර් 22 වැනිදා රෝහිත අබේගුණවර්ධන දැම්ම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කළ ඉන්දීය – ජපන් හවුල් සමාගමෙන් ණය ගන්න බැරි බව දැන් කියනවා.

 

පසුගිය නොවැම්බර් මාසේ 09 වැනිදා රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන කමිටුවක් පත්කරනවා. කමිටුවේ අරමුණ නැගෙනහිර ජැටිය 85%ක අයිතිය ඉන්දියානු ‘අදානි’ සමාගමට දීම. නමුත් මේවා නාමික දේවල් විතරයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ක්‍ෂක්‍ඔ ජැටිය විවෘත කරන්න ගිය වෙලාවේ අපේ රටේ ජාතික කොඩිය දාන්න දුන්නේ නැහැ. 1999 දී නැව් සමාගම් 38 ක් ලෝකයේ ප්‍රවාහන කටයුතුවල නිරතව සිටියා. දැන් තිබෙන්නේ නැව් සමාගම් 08යි. මේ අනුව විශාල නැව්වලට එන්න පුළුවන් ගැඹුරින් වැඩි ජැටි තියෙන වරායවලට විතරයි ආර්ථික වටිනාකම් තිබෙන්නේ. නැගෙනහිර ජැටිය කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති සල්ලි උල්පතක්. ඒ නිසා වරාය ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනා මේක වරාය අධිකාරියෙන් කරගෙන යන්න යෝජනා ඉදිරිපත් කළා. දොඹකර 03ක් නැගෙනහිර ජැටියේ හයිකරලා දැන් මෙහෙයුම් කරගෙන යනවා. ආදායම් ලැබෙනවා. වරාය අධිකාරිය මේ ජැටියේ සංවර්ධනය සඳහා දැනට ඩොලර් මිලියන 80කට වඩා ආයෝජනය කර තිබෙනවා. තව ඩොලර් මිලියන 400ක් ආයෝජනය කළොත් මේ නැගෙනහිර ජැටිය අති විශේෂ වටිනාකමක් සහිත ජැටියක් බවට පත්වෙනවා. වසරකට කන්ටේනර් මිලියන 03ක් මෙහෙයවමින් ඩොලර් මිලියන 250කට වැඩි ආදායමක් උපයන්න පුළුවන්.

 

එහෙම නම් වසර 06ක් 07ක් යන කොට සමස්ත ජැටිය හදන්න ගිය ණය මුදල පියවලා භාණ්ඩාගාරයට මුදල් එකතු කරන්න පුළුවන්. එහෙම තැනක් තමයි අද ඉන්දියාවට දොළ පිදේනියක් හැටියට පුදන්න යන්නේ. අපි ජනතාවගේ අවධානයට යොමු කරන්නේ සල්ලි හොයන්න පුළුවන් තැන් විකිණීමට ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග ගැන අවදිවෙන්න කියලා. 1505 පෘතුගීසින් ආව තැන ඉඳලා කොළඹ වරාය ජාත්‍යන්තරව පිළිගත් තත්වයට පත් වුණා. එතැන ඉඳලාම ආර්ථික මර්මස්ථානයක් බවට වර්ධනය වුණා. චිනය, ඉන්දියාව, ජපානය, වගේ රටවල් එන්නේ ආර්ථික මර්මස්ථානයේ වටිනාකම දන්න නිසයි. ඒක නොදන්න ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය විකුණන්න යනවා. මේ හමුවේ නිහඬව ඉන්න එපා කියලා අපි ජනතාවට කියනවා. රටට අයිති සම්පත් එකින් එක විකුණමින් යනවා. කොළඹ වරායේ විකුණන්න තිබෙන නැගෙනහිර ජැටියත් බටහිර ජැටියත් හැදුවා නම් එයින් ලැබෙන ලාභයෙන් හම්බන්තොට හදන්න තිබුණා. නමුත් දැන් හම්බන්තොට, චීනයට වරායක් තියෙනවා. අපිට ලොකු ණය බරක් තියෙනවා. ඒකම තමයි මේ ආණ්ඩුවත් කරගෙන යන්නේ.

 

ආයෝජකයෝ හොයනවා කියලා ආණ්ඩුව කරන්නේ මේ සම්පත් විකුණලා තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය ගන්න එක. ගෝඨාභය රාජපක්ෂ සම්පත් විකුණන්නේ නැහැ කියලා බලය අරගෙන ඔහුගේ මූලිකත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලයේදී විකිණීමේ කැබිනට් පත්‍රිකා සම්මත කරනවා. මේ අපරාධ කරන්න එපා. මහා භාණ්ඩාගාරයට බරක් නැති රටට ආදායම් ලැබෙන තැන් විකුණන්න එපා. බිලියන ගණනක් පාඩු ලබන ආයතන මේ රටේ ජනතාව පිට පටවලා තියෙනවා. එහෙම තියෙද්දී ලාභ ලබන තැන් විකුණන්න හදන්නේ ඇයි ? පාඩු ලබන ආයතන පවා එම තත්වයෙන් මුදා ගන්න ඕනෑ. ලෝකයේ රටවල් තමන්ගේ ආර්ථිකයන් ශක්තිමත් කරගන්න කටය්තු කරද්දී, අපේ රටේ පාලකයෝ සියලු වත්කම් අත්හරිමින් ඉන්නවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතුරු වෙන්නේ නැගෙනහිර ජැටිය බේරා ගත්තොත් විතරයි.

 

මේ ජැටිය රැක ගන්න බැරිවුණොත් වරාය අධිකාරිය කුලී ටිකක් එකතු කර ගන්න බෝඞ් එකක් විතරක් වෙනවා. නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය පවතින්න අත්‍යාවශ්‍ය සාධකයක්. මේ ජැටිය සංවර්ධනය කර ගත්තොත් බටහිර ජැටියත් හදලා ක්‍ෂක්‍ඔ ජැටියටත් වඩා බහාලුම් මෙහෙයවීමේ හැකියාව අත්කර ගන්න පුළුවන්. රටට ආදායම් උපයන වරාය අධිකාරියේ ආදායම් උපයන මේ තත්වය නැතිවුණොත් වරාය සේවකයන්ගේ රැකියාවත් අහිමි වෙනවා. ආණ්ඩුව කරන්න හදන්නේ ඒක. 2020 ඔක්තෝබර් මසයේ 04 වැනිදා වෙන කල් වරාය අධිකාරිය ඇතුළේ කොරෝනා රෝගීන් හිටියේ නැහැ. ඊට පස්සේ කොරෝනා රෝගීන් හමුවෙනවා. කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ගන්න කියලා වෘත්තීය සමිති දිගටම ඉල්ලම් කළා. දැන් රෝගීන් 200ක් විතර ඉන්නවා. ඒ නිසා  ආණ්ඩුව අද සේවකයන්ගෙන් 50%යි වරාය ඇතුළට ගේන්නේ. මේ හැමදේම කරන්නේ වරාය විකිණීම ඉලක්ක කරගෙනයි. දැන් සේවකයෝ කොරෝනා පස්සේ දුවනවා. ආණ්ඩුව වරාය විකිණීම පස්සේ දුවනවා.

 

විකුණන්නෙ නැහැ කියපු ජාතික සම්පත් මේ විදිහට විකුණමින් ඉන්න බව අපි ජනතාවට කියනවා. ඊට විරුද්ධව එකතු වීම අත්‍යාවශ්‍ය වෙනවා. ධන උල්පතක් වුණු නැගෙනහිර ජැටිය මේ විදිහට අත්තනෝමතිකව විකුණනවා නම්, ඉතුරු ඒවා ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. වෙහෙර ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද කීවා වගේ නැගෙනහිර ජැටිය විකුණන්න තීරණ ගත්ත ආණ්ඩුව අනෙක් සම්පත් විකුණන්න තීරණ ගන්නේ මෙහෙම නොවෙයි. ආණ්ඩුව ගෙන එන මේ විකිණීමේ ක්‍රියාවලිය පරද්දන්න පෙළගැහෙන්න කියලා අපි ජනතාවට කියනවා. ඒ වෙනුවෙන් ඔබට කළ හැකි සියලු දේ කරන්න, හඬ නඟන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ.

Leave A Reply

Your email address will not be published.