පසුගිය සතිය පුරා මූලික ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අවස්ථාව පවා අහිමිවී ගිය මහජනතාව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට යොමු වී සිටියහ. රැකියා ස්ථීර කිරීම්, පෞද්ගලික අංශයේ රැකියා අහිමිකිරීම, වැටුප් නොදී ආයත වසා දැමීම, අධ්‍යාපන අයිතිවාසිකම් සුරැකීම, ආණ්ඩුන ගෙනයන මහජන සම්පත් විකිණීමේ ක්‍රියාමාර්ග, පරිසර විනාශයට එරෙහි විරෝධාතා සහ ගොවි විරෝධතා ආදී වශයෙන් විවිධ පීඩාවන්ට එරෙහිව මෙම උද්ඝෝෂණ පවත්වනු ලැබීය.
මේවා මර්ධනය සදහා නිරෝධායන නීති බාවිතා කිරීමට සැරසෙන බවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරණ ලද ප්‍රකාශක් හේතුවෙන් අනාවරණය වී ඇතිි බව මාධ්‍ය වාර්තා පලවේ.
“පසුගිය දින කිහිපයේදී දක්නය ලැබුණා විවිධ උද්ඝෝෂණ. මේ උද්ඝෝෂණවලදී නිරෝධායන නීති උල්ලංඝනය කරන ආකාරයක් දක්නට ලැබුණා. සියලුම ජන කොටස්වලින් ඉල්ලා සිටින්නේ එලෙස කටයුතු කරන්න එපා කියලා. එහෙම වුණොත් කොවිඩ් පොකුරු, අනු පොකුරු නිර්මාණය වෙයි. එවිට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට වෙයි,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබේ.