ඇග්ස්ටාර් කර්මාන්ත ශාලාවේ 39 දෙනෙකුට කොවිඩ්…….නත්තල් සමයේ සංචරණ සීමා නොකිරීම ප්‍රධානමත හේතුවයි.
ඒකල පිහිටි ඇග්ස්ටාර් පොහොර කර්මාන්ත ශාලාවේ සේවකයින් 39 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී තිබේ. (28) සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (29) ලැබී ඇති අතර ඒනුව එහි 39 දෙනෙකු ආසාදිත බව තහවුරු වී ඇත.
එම ආසාධිතයන්ගෙන් බහුතරය ජා-ඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ද මෙම ආසාධිතයන් අතර සිටින බව වාර්තා වේ.
මෙම ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් සංචරණ කටයුතු සීමා කරන ලෙස ඉල්ලා තිබියදී නත්තල් උත්සව සමයේ සාද පවත්වමින් කටයුතු කිරීම මෙම තත්වය ව්‍යාප්ත වීමට හේතුවක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.