බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණ සිටි පිරිසකගෙන් අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණ වලින් දස දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී ඇත.
තලවකැලේ , ලිදුල , ආගරපතන , ඩයගම යන පොලිස් බල ප්‍රදේශවල බස්නාහිර පලාතේ සිට පැමිණි 250 දෙනෙකු පමණ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, එම පිරිස අතරින් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිම් පුද්ගලයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය 31 වනදා අනාවරණය වී ඇත.