කොරෝනා වසංගතය මැඩලීමේ හා ආසාදන ව්‍යාප්තිය වැළැක්වීමේදී විද්‍යාත්මක ක්‍රියාදාමයකට අවස්ථාව ලබාදීම මිස මිත්‍යාවන් පසුපස යාම නතර කළ යුතු බව පරිසර අමාත්‍යංශ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
“අප අද කළ යුත්තේ මූලික් වශයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීම මිස මිත්‍යා විශ්වාස අනුව යාම නොවේ. අපේ රටේ එක් පිරිසක් විද්‍යාත්මක පියවර ඔස්සේ කොරෝනා වසංගතය සම්බන්ධ කටයුතු කරගෙන යද්දි තවත් පිරිසක් මිත්‍යාවන් පසුපස යනවා. ලෝකය පුරාම මේ වසංගතය සම්බන්ධ නව සොයාගැනීම්, නව ප්රවේශයන් වගේම ප්‍රතිකාරයන් සම්බන්ධ පර්යේෂණ සිදුවෙනවා. මා ඉල්ලා සිටින්නේ ජනාවට මේ වසංගතය වළක්වා ගැනීමේ ප්‍රමුඛතාව ගැන සළකමින් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දිවා රෑ නොබලා කරන කැප කිරීමට අවස්ථාවක් දෙන්න කියලා” යනුවෙන් ඔහු පවසා ඇත.