අනුරාධපුරය, නුවර වැව පාරේ පුද්ගලික ඉඩමක යුධ හමුදා නිලධාරීන් විසින් හෝටලයක් ඉදි කරමින් ඇති බවත් එම ඉඩම මේ වනවිට කතාබහට ලක්වී ඇති ඥානක්කා නැමැති කාන්තාවකට අයත් දේවාලය පිහිටි ස්ථානය බවත් ප්‍රදේශවාසීන් පවසති.
යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකරන අතර අදාල ඉඩම වටා විශාල තාප්පයක් ඉදිකරමින් තිබෙන බවත් එම ඉදිකිරීම් සියල්ල විශේෂ ආවරණයන් සහිතව සිදුකරන බවත් පුවත්පත් වාර්තා කර තිබේ.
පසුගිය දිනවල වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සහය පළ කළ කණ්ඩායම් කිහිපයක් විසින්ම අනුරාධපුරයේ ඥානක්කා නැමැති කාන්තාව ගැන විවිධ මත පළ කර තිබුණි. එම ප්‍රකාශයන්වල සඳහන් වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඥානක්කාගේ උපදෙස් පරිදි රට පාලනය කරන බවත් ජනාධිපතිවරයා නිතර අනුරධපුරයේ සංචාරය කරන්නේ ජයශ්‍රී මහ බෝධිය වන්දනා කිරීමට නොව ඥානක්කා බැහැ දැකීමට බවත්ය.
එම පුවත්පත කළ විමසීමකදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කර නොමැති බවයි. එමෙන්ම අනුරාධපුර නගරසභාවේ නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එවැනි ඉදිකිරීමකට නගර සභාවෙන් අවසර ගෙන නොමැති බවයි. මේ අතර මෙම ඉදිකිරීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පළකළ තරුණයෙකු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීමකට ලක්ව ඇති බවත් ඔහුගේ ජංගම දුරකතනය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.