කළුබෝවිල අවට බේකරි නිශ්පාදනය කරන බේකරියකින් රජයේ ප්‍රධාන පෙළේ රෝහලක ආපනශාලාවකට අලෙවි කිරීම සදහා තබා තිබූ බනිස් ගෙඩියක් තුල කුරුමිණියෙකු සිට ඇත.
ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් පවසන්නේ තමා එහි සේවකයන්ට නව වසරට සුභ පැතීමට ගිය අවස්තාවේදී තමාට මෙය හමුවූ බවයි. බේකරි හිමියා මේ වන තෙක් ඔහුගේ දුරකතනයටද ප්‍රතිඡාර නොදක්වන බව ඔහු පවසයි.
මෙය ආපනශාලා හිමියාගේ වරදක් නොවන බවත් සෘජුුවම වගකිව යුත්තේ බේකර හිමියා බවත් පවසන ඔහු සදහන් කරන්නේ තමා මේ රටේ ආහාර ප්‍රතිපත්තියක් රජය මැදිහත්වී සකස්කර යුතු බව වසර ගණනාවක් පුරාවටම පවසන්නේ මේ තත්වයන් නිරාකරණය කර ගැනීමට බවයි.
තමා ටයිකෝට් හැදගත් නිලධාරියෙකු නොවන බවත් නමුත් ඔවුනට වඩා දැනුමක් මේ සම්බන්ධයෙන් සාමාන්‍ය වැසියෙක් වන තමාට ඇති බවත් අවශ්‍ය නම් මේවා නිරාකරණය කළ හැකි ආකාරය පිළිබද ජනධිපතිවරයාට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ හැකි බවද ඔහු වැඩි දුරටත් පවසයි.
…ගමගේ…