කුරුණෑගල නගර සීමාව තුළ තිබූ පෞරාණික වටිනාකමකින් යුතු රජපිහිල්ල උද්‍යානය ඊයේ (02) දින ඩෝසර් කර විනාශ කර ඇත.
කුරුණෑගල නගර සභාවේ යෝජනා සම්මතයක් අනුව එය සිදුකරන ලද බව ප්‍රකාශ කර තිබේ. එහෙත් නගර සභාව විසින් නිසියාකාරව සම්මත කර ගත් සංවර්ධන සැලැස්මක් හෝ නොමැතිව මෙම උද්‍යානය ඩෝසර් කර ඇත. කොහොඹ, මාර, ඇහැටු, නෙල්ලි සහ කොස් යන පැරණි වෘක්ෂයන් රාශියක් මෙසේ විනාශ කර දමා ඇත. එමෙන්ම උද්‍යානය තුළ තිබූ පෞරාණික වටිනාකමක් සහිත නිසාම අවස්ථා කිහිපයකදී ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක්ද ඩෝසර් කර තිබේ.
මෙම ක්‍රියාවට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මේ වනවිටද විවිධ ක්රියාමාරගවලට එළඹී සිටී.