යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි වාර්තා වේ.
ඔවුන් සංචාරය කරන ඇතැම් ස්ථානයන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැති අතර මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
නමුත් ජීප් රථ රියදුරන් සඳහන් කරන්නේ තමන් නිරෝදායනයට යොමු කරන්නේ යැයි බලධාරීන් කලින් දැනුවත් නොකළ නිසා එම සංචාරකයන් රැගෙන ගිය බවයි.
කොරෝනා අධි අවදානම් රටක් වන යුක්රේනයෙන් සංචාරකයෝ ගෙන එන්නේ උදයංග වීරතුංගගේ සහ ආණ්ඩුවේ ප්රබලයෙකුගේ මාමා කෙනෙකුගේ සාක්කු පිරවීමට බව ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (03) පැවසීය.