සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවාවන්හි යෙදුණු සේවකයන් ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම, දෛනික කටයුතු සඳහා ආදායම් මාර්ග නොමැති කම, පෞද්ගලික අංශයේ ආයතවලින් මේ ගැටලු නොසලකා හැරීම ආදී කරුණු සම්බන්ධව රජය යම් මැදිහත් වීමක් කලයුතු බවත් මේ වන විටත් තමන් හිඟා නොකා හිඟා කන තත්වයට පත්ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු කෝවිඩ් තත්වයටද මුහුණ දීමට වීම කබලෙන් ලිපට වැටීමක් බවත් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවාවන්හි යෙදුණු සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව මාධ්‍ය හමුවක් අද (04) බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී පවත්වමින් එහි නියලෙන්නන් සදහන් කළේය.
මේ සදහා රජය මැදිහත්වී යම්කිසි වැඩපිළිවෙළක් සකස්කර තමන්ට ඉක්මන් විසදුමක් ලබා දෙන ලෙස එම කර්මාන්තයේ නියලෙන්නන් මෙහිදී අවධාරණය කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා හෝටල් සේවක එකමුතුවේ කැඳවුම්කරුවන් වන සුජිත් ප්‍රසන්න, නිහාල් තොටගමුව සහ එම එකමුතුව නියෝජනය කරමින් දිල්හාන් ප්‍රනාන්දු , ධනුෂ්ක සම්පත් , හිරුෂ රන්දික යන පිරිස සම්බන්ධ විය.
…ගමගේ…