- සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක් ලබාගැනීම.
දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන්
වහා ස්ථිර කරගැනීම. - නිල ඇඳුම් දීමනාව රු.15,000 ක් කරගැනීම.
- සියලු සෞඛ්‍ය සේවකයන්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
- ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
- උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව
නැවත ලබාගැනීම. - අතිකාල රේට් ක්‍රමයකට ලබාගැනීම.
- විධිමත් බඳවාගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරි
ලයිස්තුවක් ලබාගැනීම. - රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවා ගැනීම.
- කළමණාකරණ සේවා විභාගය සමත් අයට පත්වීම් ලබාගැනීම හා
- වයස 45 ට වැඩි විශ්‍රාම වැටුප් අයිතිය අහිමි අයගේ
විශ්‍රාම වැටුප් අයිතිය ලබාගැනීම.
ඉහත ඉල්ලීම් මුල්කර ගෙන සෞඛ්‍ය සේවකයන් අද රෝහල් ඉදිරිපිට විරෝධතාවල නිරත විය. මෙය ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ අතර එම ඉල්ලීම් සතියක් ඇතුලත නොලැබුන හොත් අඛණ්ඩ වෘර්තීය ක්‍රියාමාර්ග සදහා යොමු වන බව එම සංගයම සදහන් කරයි. විසදුම් නොලැබුන හොත් රෝහල් ලොක්ඩවුන් කිරීම සදහා තම සේවක ශක්තිය පසුබට නොවන බවද පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකරමින් එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසීය.
…ගමගේ…