ඊයේ (08) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 524ත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංක්‍යාව 47305ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 40317ක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6763ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 03ත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහල ගොස් ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.
…ගමගේ…