දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැයි හඳුනාගෙන ඇත. ජනවාරි 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකටද සහභාගී වී ඇත.
එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට ද ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබේ. මේ දක්වා අමාත්‍යවරයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.