2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන ටික වේලාවකට පසු එතනටම ගෙනවිත් බැස්සවීමට පොලීසියට සිදුව තිබේ.
ඒ විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණයකරමින් දිගටම විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබදව පොලීසියට දැඩි විවේචන එල්ල වී තිබේ. ජිනරතන හිමි අත්අඩගුවට ගන්නා අවස්තාවේ “පරයා නැගපන්” යනුවෙන් පොලිස් නිලධාරීන් පවසන අකාරයද විඩීයෝ පටවල දැක ගන්නට ලැබේ.
මේ පිළිබදව සමාජ මාධය ඔස්සේ පොලීසියට දැඩි විවේචන එල්ල වී තිබූ අකාරය පිළිබද සටහන් කිහිපයක් පහතින් දැක්වේ.
01 “නැගපන් එහෙනං පරයා”..!
ආදරණීය දෙමව්පියනි, ඒ ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපන අයිතියට එරෙහිවූ පරයින්ගේ තිරිසන් හඩයි!
02 ස චරිත දෙකක් කියලා දවස් 2යි!
කුක්කෝ ෆෝම්!
හපපල්ලා දත් ගෙවෙනකම් ඒත් අයුක්තියට එරෙහි සටන් නවත්තන්න තොපිට බෑ
03 “පරයා ගනින්”
ජාතක කළේ බල්ලොද මාලිගාවේ…
…ගමගේ…