දළදා මාලිගා පරිශ්රයේ ස්ථාපිත කරඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු පමණ වන සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් 180 දෙනෙකු අනුයුක්ත කරඇති බව ද වාර්තා වන අතර දළදා මාලිගාට යුක්රේනුවන් ගොස් දින කිහිපයක් ඇතුලත මෙම සිදු වීම වාර්තා වීම විශේෂත්වයකි.