ඉන්දීය ගොවි අරගලයට සහය පළකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (19) ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් දක්වන ලදි. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ පැවසීය.
” නව කෘෂිකාර්මික පනත් 3ක් ගෙන ඒමට විරුද්ධව ඉන්දීය ගොවීන් මේ වනවිට නොවැම්බර් මස 26 වනදා ඉදලා අඛණ්ඩ අරගලයක නිරතවෙලා ඉන්නවා. දැනට දින 54ක් වෙනවා. අදානි, අම්බානී වගේ සමාගම්වලට ගොවීන්ගේ ඉඩම් පැහැර ගනීම සදහා තමයි ඉන්දීය ආණ්ඩුව මේ අනපනත් ගෙනවිත් තියෙන්නේ. මේ වන විට එම විරෝධතා මැඩ පැවැත්වීම සදහා විශාල මර්ධනයක් ඉන්දීය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ වන විට ඔවුන් ‘චලෝ දිල්ලි’ දිලියට යමු යන සටන් පාඨය ඔස්සේ දිල්ලිය වටකරලා තියෙනවා.
මේ වන විට ගොවීන් 70ක් පමණ මරලා දාලා තියෙනවා. ලක්ෂ ගානක් හමුදාව දිල්ලියට කැදවලා තියෙනවා මේක මර්ධනය සදහා. මේක අපටත් අදාලයි. එක වෙන්නේ මෙහෙමයි MCC ඉඩම් සංවර්ධන පනත් වැනි පනත් ගෙනැල්ලා අපේ රටෙත් කරන්න හැදුවෙ මේකම තමයි. මේවා එක් වතාවකදී ජනතාවගේ විරෝධය හරහා හකුලා ගත්තත් හෙට දිනයේදී වෙනත් ආකාරවලින් පැමිණීමට නියමිතයි.
අනිත් එක තමයි ජනාධිපතිවරයා වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනය සදහා කියමින් විකුණන්න යන අදානී කම්පැණියටත් විරුද්ධව තමයි මේ ගොවීන් උද්ඝෝෂණ වල නිරත වෙන්නේ ජනාධිපති කියන විදියට ඔය අදානි සමාගම හොදනම් ඉනදීය ගොවීන් මැරී ගෙන සටන් කරනවද? මේ වෙන්න යන්න දේ හොදට පැහැදිලියි අදානි සමාගම ඉන්දීය ගොවීන්ට සලකන්නේ මෙහෙමනම් ලංකාව ගැන කවර කතාද. මේ ඉන්දීය ගොවීන් වෙඩි තියලා මරලා තියෙන්නේ අදානි සමාගම වෙනුවෙනුත් තමයි. ඒක නිසා අපි කියනවා ලංකාවේ නැගෙනහිර ජැටිය ආදානි සමාගම ලවා සංවර්ධනය කරනවා කියලා බොරු සුරංගනා කතා කියන්න එපා කියලා. ඒ වගේම අපි කියනවා මේ ඉන්දීීය කෘෂිකාර්මික අනපනත්ම ඉදිරියේදී ලංකාවට ඒමට නියමිතයි. ඒ මර්ධනයම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම ඉදලම ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා රටේ සියලුම ජනතාවට ආරාධනා කරනවා. ”
…ගමගේ…