කඩඉම් ලකුණු ගැටලුව පිළිබඳ අගමැති ලේකම් කාර්යාලයේදී (21) දින අ.වි.ශි.බ.ම පැවැත්වූ සාකච්ඡාවේ සමාලෝචනය.
අ.වි.ශි.බ.ම ඉදිරිපත්කල කරුණු.
01. 2019 කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු සිසුන් හදිසි කටයුත්තක් ලෙස සලකා විශ්වවිද්‍යාල වෙත බඳවාගත යුතු බව. ඒ සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බව.
02. සෑම වසරකම එක්ලක්ෂ පණස්දහසකටත් අධික පිරිසක් උසස්පෙළ සමත් වූවත් උසස් අධ්‍යාපන අවස්ථා හිමි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණක් වන බව. උදාහරණයක් ලෙස 2019 වසරේ 181000ක් සමත් වූවද විශ්වවිද්‍යාලවලට බඳවාගෙන ඇත්තේ 40000 ක් පමණකි. එහෙයින් අපගේ අරගලයේ ඉලක්කය උසස්පෙළ සමත් සියලු සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා දිනාගැනීම වන බව.
03. පසුගිය වසර ගණනාවක් පුරාම සරසවි බඳවාගැනීම්වල වැඩිවීමක් සිදුව නැති බව. බඳවාගැනීම් වැඩි කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන වැඩි කොට පහසුකම් ඉදිකළ යුතු බව.
04. ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී සියලු උසස්පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන ලබාදීමට වත්මන් ආණ්ඩුව ජනතාව ඉදිරියේ පොරොන්දු ලබාදී ඇති බව. එය ඉටු කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස බඳවාගැනීම් දෙගුණ කළ යුතු බව.
05. විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් වැඩි කිරීම මෙවන් ගැටලු නැවත ඇති නොවීමට ඇති එකම විසඳුම වන බව.
එහිදී අගමැති ලේකම් ගාමිණී සෙනරත් විසින් සඳහන් කළ කරුණු.
01. 2019 උසස්පෙළ සිසුන්ට බඳවාගැනීම්වලදී අසාධාරණයක් සිදුව ඇති බව පිළිගන්නා බව හා ඒ පිළිබඳව මහාචාර්යවරු, ආචාර්යවරු හා උපකුලපතිවරුන්ගේ ද අදහස් විමසූ බව.
02. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් තමන් විසින් නැවත කැඳවන බව.
03. අ.වි.ශි.බ.ම යෝජනාවල හරය පිළිගනිමින් අසාධාරණයට පත් සියලු සිසුන් බඳවාගැනීම කරන්නේ නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගැනීම අවශ්‍ය වනු ඇති බව සඳහන් කළ අතර ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව.
5. අවසන් විසඳුම ලබාදීම සඳහා පොරොන්දු වූ පරිදි ඉදිරි දිනකදී සියලු පාර්ශව සමඟ අ.වි.ශි.බ.ම වෙත නැවත සාකච්ඡාවක් ලබාදෙන බව.
ඒ සඳහා අ.වි.ශි.බ.ම විසින් නැවත ලබාදුන් පිළිතුරු.
01. අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් හෝ එසේත් නැතිනම් එතැනින් එහාට ගිය ප්‍රතිපත්තිමය ක්රියාමාර්ගයකින් හෝ අසාධාරණයට පත් සියලු සිසුන් වහාම සරසවිවලට බඳවාගත යුතු බව.
02. අවසන් විසඳුම සඳහා නැවත කැදවන සාකච්ඡාවකදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු ගිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශව සහ අසාධාරණයට පත් සිසුන්, දෙමාපියන් සම්බන්ධ කරගැනීම වඩාත් යෝග්‍ය බව.
03. එම සාකච්ඡාව පෙර ලිඛිතව පොරොන්දු වූ පරිදි ජනවාරි 27 දිනට පෙර ලබාදිය යුතු බව.
04. අසාධාරණයට පත් සියලු සිසුන් විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය ලබන තුරු සාකච්ඡා මත පදනම්ව කිසිසේත් උද්ඝෝෂණ ක්‍රියාවලිය නතර නොකරන බව හා තවදුරටත් ක්‍රියාමාර්ග තීව්ර කරන බව.
…ගමගේ…