ඉල්ලීම් 11 මුල් කරගනිමින් අද (17) පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා දිවයිනපුරා රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල රෝහල් කටයුතු වලින් ඉවත්ව සිටින බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටම්පිටියේ සුගතනාන්ද හිමියන් පවසයි.
කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල,කලුතර නාගොඩ, හම්බන්තොට, ත්‍රිකුණාමලය,කෑගල්ල, නුවරඑළිය මහ රෝහල්, වාලච්චේන , හෝමාගම , බලපිටිය , කඹුරුපිටිය , ගම්පොළ , දඹුල්ල ,පානදුර, බේරුවල , වරකාපොල ,කින්නියා ඇතුළු මූලික රෝහල් 12 ක, මාතලේ හෙට්ටිපොළ , ලග්ගල ඇතුළු ප්‍රාදේශීය රෝහල් 20 කට වැඩි ප්‍රමාණයක මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවද සුගතානන්ද හිමියන් පවසයි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සදහා සහය ලබා දීමට කටයුතු කරන බව වැඩි දුරටත් සදහන් කරන අතර අප කළ විමසීමකදී සුගතානන්ද හිමියන් සදහන් කළේ මේ වන විට සැලසුම්කර පරදි වර්ජනය ක්‍රියාත්මක බවයි.
…ගමගේ…