topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉල්ලීම් නොලැබුණොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඛණ්ඩ වර්ජනයකට…….මේක පොලිසියට මිරිකලා විසදන්න බැහැ.

* සති දෙකක් තුල විසදුම් නොලැබුණ හොත් අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල සහ වෘර්තීය සමිති     එක්ව  අඛණ්ඩ වර්ජනයකට යනවා.

* හමුදා කදවුරුවලින් උද්ඝෝෂකයින්ගෙන් කතාකරලා කෙලින්ම ප්‍රශ්න කරන්න පටන් අරන්.

* ශ්‍රී ලංකා පොලීසිය මිරිකන පොලීසියක් වෙලා. දැන් උද්ඝෝෂකයන්ගේ අවයව තියෙන තැන්                   හොයනවා.

* ගිය වසරට සාපෙක්ෂව මේ වසරතුල සෞඛ්‍යට බිලියන 29ක් කප්පාදු කිරීම මේ ප්‍රශ්නවලට                     හේතුවයි.

* මධ්‍යම පළාතේ නෙවිල්  ප්‍රනාන්දු රෝහලේ මේ වන තෙක් පසුගිය කාලයේ අතිකාල දීමනා                        ගෙවලා නැහැ.

* ජනතාවට සිදුවන අපහසුතාවය වෙනුවෙන් වගකිව යුත්තේ මේ දේශපාලන අධිකාරියයි.

 

සෞඛ්‍ය සේවකයන්ට අධාල ඉල්ලීම් සදහා සති දෙකක කාලයක් ඇතුලත පිළිතුරු ලබා නොදෙන්නේ නම් දින 14කින් පසු අඛණ්ඩ වැඩ වර්ජනයක් සදහා යොමුවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි. හිමියන් මේ බව සදහන් කළේ පසුගිය 24 වනදා පැවති මිධ්‍ය හමුවක් අමතමිනි.

මාස ගනණාවක සිට මෙම ඉල්ලීම් මුල්කර ගෙන මේ වන විට ලිපි 19ක් පමණ යොමුකර ඇති අතර දිවයින පුරා රෝහල්  ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර, දිවයින පුරා රෝහල්වල කිනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වීම්, අසනීප නිවාඩු වාර්තා කිරීම්පවා කරමින් මෙම ඉල්ලීම් සදහා සටන් කර ඇති බවත් රජය මේ වන තෙක් මේ සදහා සාධනීය මැදිහත් වීමක් සිදුකරීමට අපොහොසත් වී ඇති බවත් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සදහන් කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් හිමියන් මෙසේ සදහන් කළේය.

” අපි 23 වෙනිදා අසනීප නිවාඩු වාර්තා කරලා සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමග සාකච්ඡා කරන්න ආවම පොලීසියේ ඉහල නිලධාරීන් තර්ජනය කරනවා ඉස්සරට ගොඩක් අමාරු වෙයි කියලා. ඒ වගේම දැන් පොලීසියේ ඉහල නිලධාරීන් අළුත් සෙල්ලමක් පටන් අරගෙන සාකඡකර කර ඉන්න ගමන් යටින් අතදාලා මිරිකළා බලනවා මොනවහරි අමුතු දෙයක් තියෙද කියලා. දැන් ග්‍රී ලංකා පොලීසිය මිරිකන පොලීසියක් වෙලා. මේක මිරිකලා විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි ඒ මහත්තරුන්ට මතක් කරනවා.

ඒ වගේම පසුගිය දවස්වල වැලිමඩ දියතලාව හමුදා කදවුරුවලින් කතාකරලා  අපෙන් කෙලින්ම කතා කරලා ප්‍රශ්න කරනවා මේ ඉන්නේ මිලිටරිකරණයට. මේ කියන්න හදන්නේ අපි රාජපක්ෂලගේ සුදුවෑන් සංස්කෘතිය, මහමග මරා දැමීම වැනි සුපුරුදු දේවල් කරන්න ලෑස්තියි කියලා. 23 වෙනිදා සෞඛ්‍ය සේවකයන්ට පහරදීමෙන් කරන්න හැදුවෙ මේ තරවටුව තමයි. හැබැයි අපි පැහැදිලිව කියනවා අපි ඔය මොකටවත් බයත් නැහැ ඔය ක්‍රමවලට මේ ප්‍රශ්නේ විසදන්නත් බැහැ කියලා.

රටපුරා රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල දැඩි හිගයක් තියෙනවා. ඒ වගේම මේ ඉන්න ආදේශක සේවක සේවිකාවන් නිරෝධායනයට ලක්වෙන්න සිදු උවහොත් ඔවුනට පඩි ගෙවීමක් සිදු වෙන්නෙ නැහැ . එතකොට ඒ පවුල්වල අය ජීවත් වෙන්නේ කොහොමද? මේ වසංගත තත්වය මත මාක්ස් ඇදුම්  ඉල්ලුවම කියනවා තියෙන එක හොදලා හෙටත් පාචිච්චි කරන්න කියලා. මෙම කොරෝනා වසංගත තත්වය හමුවේ එහෙම කරන්න පුළුවන්ද. ඒ වගේම මධ්‍යම පළාතේ නෙවිල්  ප්‍රනාන්දු රෝහලේ මේ වන තෙක් පසුගිය කාලයේ අතිකාල දීමනා ගෙවලා නැහැ.

මේ ප්‍රශ්න ආන්ඩුව විසින්ම නිර්මානය කරපු ඒවා. එකට හේතුව මේකයි ගිය අවුරුද්දට සාපෙක්ෂව මේ වසරේ සෞඛ්‍යට අධාලව බිලියන 29ක් කප්පාදු කරලා තමයි පාර්ලිමේන්තුවේ අය වැය වැඩි ඡන්ද 97කින් සම්මත කළේ. එහෙම කරලා දැන්  ස්ථිර කරන්න, නිල ඇදුම් දීමනවාව දෙන්න, අතිකාල දෙන්න කිව්වම කියනවා මුදල් අමාත්‍යංශය එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා. මේ තියෙන්නේ සෞඛ්‍ය සේවයේ මුදල් කප්පිදු කිරීමේ හේතුව නිසා හටගත් ප්‍රශ්න. දැන් තියෙන්න මුලය අර්බුදයක් ඒක නිර්මානය කළේ මේ පාලකයින්ම තමයි. මේ ප්‍රශ්න නිර්මාණය කරන තැනට පාලකයින්  වැඩ කරලා දැන් දැන් දන්නේ නෑ වගේ ඉන්න බැහැ. මේ වන උත්තර දෙන්න ඕන.

ඒ වගේම අපි කියනවා ආන්ඩුවේ අනිත් හොරිකඩ වෘර්තීය සමිති වගේ නෙමෙයි අපි මේ වෙනකොට තීරණය කරලා ඉවරයි සති දෙකක් ඇතුලත ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්උවහොත් අපි අනිවාර්්‍යෙන්යම අඛණ්ඩ වැඩ වර්ජනයක් සදහා යනවා. ඒ සදහා රෝහල්වල ඉන්න අනෙකුත් කාර්ය මණ්ඩල වගේම අනෙකුත් වෘර්තීය සමිතිත් මේ වන විට අපට සහය දැක්වීම සදහා එකතුවෙලා තියෙනවා. වර්ජන ක්‍රියාවලිය තුලින් මහජනතාවට සිදුවන අපහසුතාවය වෙනුවෙන් ආණ්ඩුව වගකීම බාරගත යුතුයි.

ආණ්ඩුව මේ වෙනකොට මතයක් හදා ගෙන යනවා වසංගත තත්වය ඇතුලේ රෝහල් කාර්ය මණ්ඩල වැඩවර්ජන කරන්න හදනවා මේක හරිම අසාධාරණයි කියලා. අපි ජනතාවට කියන්න කැමතියි මේ ඉල්ලීම් වෙනුවෙන් අපි අවුරුද්දකට ආසන්න කාලයක් වගකිවයුතු බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. මේ වන තෙක් පිළිතුරු නොලැබීම නිසා තමයි මෙම ක්‍රියාමාර්ගය ගන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවට සිදුවන අපහසුතාවය වෙනුවෙන් වගකිව යුත්තේ මේ දේශපාලන අධිකාරිය කියලා අපි කියනවා.”

කෙසේ වෙතත් පසුගිය 23 වනදා රෝහල් කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තාකර කොඹට පැමිණ ජාතික රෝහල ඉදිරිපිට සිට පාගමනකින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණ සෞඛ්‍ය අමාත්‍යංශ භූමිය කඩා වැදී  සාකච්ඡාවක් ලබා දෙන තෙක් අමාත්‍යංශය භූමියතුල රැදී සිටි අතරට එම ස්තානයට පැමිණි බස්නාහිර පළාත  භාර ජෙ.නි.පො. දේශබන්දු තෙන්නකෝන් විසින් වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු විය.

නමුත් සාකච්ඡාව අවන්වී පැමිණි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ පුධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සදහන් කළේ සාකච්ඡාව සදහා වැඩබලන ඇමති චන්න ජයසුමන සහභාගී නොවූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා බොරු පොරොන්දුවක් ලබා දී පැන ගොස් ඇති බවත්ය.

සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් සහභාගී සිට ඇති අතර සාකච්ඡාව ස්ථිර විසදුමකින් තොරව අවසන් වීමට හේතුව වී තිබුනේ ඉල්ලීම සදහා ඉහල දේශපාලන අධිකාරිය මැදිහත්වි යුතු බවට සාකච්ඡාවට සහභාගී වූ පිරිසගේ මතය වීම නිසාය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.