topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධම්මික පැනිය වගේම තමයි ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවේම කොවිඩ් පරිපාලනය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක.

රට පුරා භයානක අන්දමින් වර්ධනය වෙමින් තිබෙන, ඒ වගේම අයාලේ යාමට ඉඩ හැර තිබෙන කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනතාව සහ අදාල බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මේ මාධ්‍ය  හමුව පවත්වනවා. පසුගිය සති තුනකට ආසන්න කාලයක් තුළ සතියක් තුළදී කොරෝනා ආසාධිතයින් 10,000කට වැඩි ප්‍රමාණයක් බැගින් වර්ධනය වෙමින් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය මෙම ආසාධිතයින් සංඛ්‍යාව පී.සී.ආර්. පරීක්‍ෂණ 15,000 වගේ මට්ටමක් තුළ වාර්තා වන බව ප්‍රකාශ කර තිබෙනවා. ලෝකයේම ගත්තත් ආසාධිත ප්‍රතිශතය ඉහළ අගයකට ගොස් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කරුණු දෙකක් අවධාරණය කරනවා.

 

එකක් තමයි පී.සී.ආර්. පරීක්‍ෂණවලින් වාර්තා වන ප්‍රමාණය “ඊයේ” කියලා සඳහන් නිවේදනවල වාර්තා වෙන්නේ දින තුනකට පෙර ආසාධිතයින් බව. මේක බරපතළ තත්වයක්. අපේ රටේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගෙන මාස 15කට පස්සෙත් ඊයේ තිබිච්ච තත්වය හරියට කියන්න බැරිනම් ආණ්ඩුවේ කලමණාකරණය පිළිබඳ බරපතළ ගැටලුවක් පැන නගිනවා. වේගයෙන් පැතිරෙන වසංගත තත්වයක් හමුවේ මෙය ඉතා භයානක තත්වයක්.  ඊයේ(02) මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමේ ප්‍රකාශයක් උපුටාගෙන මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බිම් මට්ටමේ රාජකාරී කරන දත්ත අනුව කොරෝනා මරණ ප්‍රමාණය පිළිබඳව සැකයක් තිබෙන බවයි. අපිටත් මේ බරපතළ සැකය තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අහඹු පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් රිමෝට් කන්ට්‍රෝල් එක වගේ දත්ත වැඩි කරන, අඩු කරන තත්වය ගැන අනතුරු අඟවා තිබෙනවා. ආසාධිතයන් අඩුවෙන් කියන්න ඕනෑ නම් ඒ වෙනුවෙන් මොන ප්‍රදේශවල පී.සී.ආර්. කළ යුතුද කියලා දැන් දන්නවා. ආසාධිතයින් වැඩියෙන් දක්වන්න ඕනෑ නම් ඒ පී.සී. ආර්. සංඛ්‍යාවම කළ යුත්තේ මොන ප්‍රදේශවලද කියලත් දන්නවා.

 

පී.සී.ආර්. ප්‍රමාණය උඩ පහළ යවමින් සහ තම තමන්ට ඕනෑ ප්‍රදේශවල පී.සී.ආර්. කරමින් දේශපාලන සූදුවක් ආණ්ඩුව කරන බව පැහැදිලි වෙනවා. තමන්ගේ අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයේ මේ හැසිරීම වහගන්න පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා. මේ තත්වය තුළ මරණ ප්‍රමාණය ඉතා බරපතළ තත්වයක්. මේ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්ට අවබෝධයක් ලැබී තිබෙනවා. වෘත්තීය සමිති නැති ක්‍ෂේත්‍රවලට තමන් දකින බරපතළ තත්වය කියා ගන්න බැරිව ඉන්නවා. කාර්ය සාධක බලකායක් තියෙනවා. හමුදාපතිවරයා විවිධ දේවල් කියනවා. දෙහිඅත්තකණ්ඩියේ රෝගීන් හැටකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පහසුකම් නැතිව පැය හයක් තිස්සේ මුළු රැයක් පුරා කැබ් රථයක ගෙනගිය ආකාරය ඡායාරූපත් සමග වාර්තා කර තිබුණා. මේ වගේ වාහනයකින් රෝගීන් ප්‍රවාහනය කරනවා නම් තිබෙන තත්වය මොකක්ද? බස් එකක්, ඇම්බියුලන්ස් එකක්, වෑන් එකක් දෙන්න බැරිනම් මේ කාර්ය සාධනය මොකක්ද? මෙහෙමද ලෙඩ්ඩු ප්‍රවාහනය කරන්නේ?

 

තමන්ගේ නොහැකියාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාමත් සරල තැන්වලින් පවා එළියට ඇවිල්ලා තියෙනවා. අපි මෙතන ප්‍රශ්න කරන්නේ එන්නත ගැන නෙවෙයි. නමුත් කාර්ය සාධනය කරන්නේ මෙහෙමද? කොරෝනා පිළිබඳව අඩුම ගානේ 06දෙනෙක් ප්‍රකාශ නිකුත් කරනවා. හමුදාපතිවරයා, ජනාධිපති මාධ්‍ය අංශය, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, චන්ද ජයසුමන අමාත්‍යවරයා සහ කොරෝනා සම්බන්ධම රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ නිකුත් කරනවා. එකම ප්‍රශ්නය ගැන මේ හය දෙනා විවිධ දේවල් කියනවා. මේ ඔක්කොටම අමතරව මැදිහත් වෙමින් ජනාධිපතිවරයාට හිතෙන දේවල් කියනවා. මේක ජංජාලයක් වෙලා තියෙන්නේ. එක මොහොතකදී සම්පූර්ණ උත්සව නතර කරන බව කිවුවා. ඊට පස්සේ විවාහ මංගල උත්සවවලට බලපාන්නේ නැහැ කියලා හමුදාපතිවරයා කිවුවා. මේ නිසා බිම් මට්ටමේ පී.එච්.අයි මහත්වරු, එම්.ඕ.එච්. කාර්යාලවල ඉන්න වෛද්‍යවරු බැනුම් අහනවා. අඩු ගානේ මේ තුන්වැනි රැල්ලටවත් එක ප්‍රකාශකවරයෙක් පත්කර නැහැ.

 

අපිට එන්නත් ලැබුණේ ලක්‍ෂ දොළහයි. ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබුණේ මරණ අඩු කරගන්න මුලින්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ අය සහ වැඩිහිටියන්ගෙන් පටන් ගන්න කියලා. නමුත් ලක්‍ෂ 12ක් එන්නත් ආවාට පස්සේ මුල් අදියරේදී ලක්‍ෂ 06කට ලබාදී ඉතිරි ලක්‍ෂ 06 දෙවැනි අදියරේදී දෙන්න සැලසුම් කර තිබුණා. නමුත් ජනාධිපතිවරයා ඒක ඇනුවා. එන්නත් ඕනෑ තරම් ලැබෙනවා කියලා. වයස අවුරුදු 30ට වැඩි අයටත් දුන්නා. කොළඹ නගරයේ එක පෝලිමක වයස අවු. 60ට වැඩි අයට දෙන අතර තවත් ග්‍රාම සේවක වසමක වයස අවු. 30ට වැඩි අයටත් දුන්නා. මේ රාජ්‍ය පාලනයද? ඊයේ පෙරේදා දෙවැනි මාත්‍රාව දෙන්න පටන්ගෙන තිබෙනවා. ඊට අවශ්‍ය ප්‍රමාණය තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. මුල් වටයේ දුන් වැඩිහිටයන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු කාලය ඉක්ම ගොස් තිබෙනවා. මගේ මවටත් එහෙමයි. නොමිලේ ලබාදුන් එන්නත් ටික හරියාකාරව කරන්න නොදී ආණ්ඩුවෙන් ඇනුවා.

 

අනික් පැත්තෙන් ආණ්ඩුව වානිජ අරමුණු වෙනුවෙන් රට ඉබාගාතේ ඇරියා. පළවැනි රැල්ල, දෙවැනි රැල්ල ඇතිවූ අවස්ථාවල හැඳින්වූයේ කොරෝනා පොකුරු කියලා. මාස 10ක් විතර තිස්සේ පෑලියගොඩ පොකුර කියලා ආණ්ඩුව හඳුන්වමින් තිබුණා. රටේ කොහෙන් හමුවුණත් ඒ හැඳින්වීම වැරැද්දක්. අඩු ගානේ මේ සම්බන්ධයෙන් හඳුන්වන්න තැනක් තිබුණා. ලෝකය පුරා කොරොනා පොකුරු කියන්නේ ඇයි? මේ සාහිත්‍යාර්ථයකින් නම් දැම්මා නෙවෙයි. නිශ්චිත ප්‍රදේශයක පවතින තත්වය ගැන නිවැරදි අදහසක් දෙන්න. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ වියත් මග ආණ්ඩුව දැන් “අවුරුදු පොකුර” කියලා දැම්මා. අවුරුදු පොකුර කොහෙද තියෙන්නේ? සෞඛ්‍ය නිලධාරීන්ට මෙහෙම පොකුරක් හොයන්න තියෙන්නේ කොහෙන්ද? මේ නාමකරණයේ තිබෙන මගපෙන්වීම මොකක්ද? දැන් ඊළඟට එන්නේ වෙසක් පොකුරද? ඉන්දියාවේ ඉන්නෙත් මේ ජාතියේම උද්දච්ඡ තකතීරු තීන්දු ගන්න පාලකයෝ. අති දැවැන්ත සම්පත් තියෙද්දී, අබ්දුල් කලාම්ලා වගේ ඉහළම විද්‍යාඥයෝ නායකත්වය දැරූ රටක අද ඔක්සිජන් නැතිව මිනිස්සු මැරෙනවා. එවැනි වූ ඉන්දියාව කුම්භ මේලා පොකුර කියලා නාමකරණයක් කළේ නැහැ. ධම්මික පැනිය වගේම තමයි ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවේම කොවිඩ් පරිපාලනය. මුලු ආණ්ඩුවම ධම්මික පැණයක්.

 

අති විශිෂ්ඨ කාර්ය මණ්ඩලයක් ඉන්න, නොමිලයේ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන සැකිල්ල හරි තියෙන රටක, සාක්‍ෂරතාවය 95% පැනලා තියෙන රටක මොනවද මේ කරන්නේ? රට විද්‍යානුකූලව පරිපාලනය කරලා ගෙනියන්න තිබුණු තත්වය අවුල් කළේ මේ ආණ්ඩුව. මේ සෞඛ්‍ය ඇමතිතුමිය ධම්මික පැණිය බීලා, ආණ්ඩුවේ සහ පෞද්ගලික නාලිකා යොදාගෙන ජනතාව අතරට ප්‍රචාරයන් යැව්වා. බොරු දේශප්‍රේමී කතන්දර වපුරලා මුළු රටක් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පිස්සුව පස්සේ එළෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ? මේවට ආණ්ඩුව සහ නාලිකා වගකියන්න  ඕනෑ නැද්ද? ආණ්ඩුවම ධම්මික පැණිය වගේ තමයි. මේව සරල නැහැ. ව්‍යසනය පාලනය කරන්න ක්‍රම ලෝකය පුරා තියෙද්දී ඒවා නොකර ආණ්ඩුව සහමුලින්ම මේක අවුල් කළා.

 

ඒ වගේම කොරෝනා තත්වය හමුවේ ජනතාවට ලබාදිය යුතු අත්‍යාවශ්‍ය සහන තවම ලබාදෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සියලුම දරුවන්ගේ ඉගැන්වීම් රූපවාහිනියෙන් කරන්න කියලා අපි ඇතුලු බොහෝ දෙනක් පෙන්වා දුන්නා. දරුවන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න කීවා. අවුරුද්දක් තිස්සේ පොඩි දරුවන්ගේ අධ්‍යාපනය සහමුලින් බිඳවැටිලා ඉවරයි. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග, එයින් කරන ගසාකෑම් වගේ මාස 14කට පසු ආණ්ඩුව අනාගෙන තිබෙන කරුණු රැසක් තිබෙනවා. අඩියක් අඩියක් ගානේ, වචනයක් වචනයක් ගානේ අපි යමින් සිටින්නේ ඉන්දියාව ගිහින් තියෙන මාර්ගයේම තමයි. ඒ නිසා අපි බරපතල අනතුරු ඇඟවීම් සිදුකරනවා.

Leave A Reply

Your email address will not be published.