කොවිඩ්-19 ප්‍රතිකාර ලෙස විවිධ අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල
පිටපත් – ශ්‍රී ලංකා පොලීසිය
COVID-19 වයිරස තත්වය උපයෝගීකරගනිමින් ජනතාව නොමග යැවීම සදහා විවිධ කණ්ඩායම් විසින් COVID-19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීමට හැකියැයි පැවසෙන විවිධ අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ප්‍රචලිත කරමින් පවතින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත. තවද වයිරසය ආසාදනය වීමෙන් වැලකී සිටීම සදහා උණුසුම් ජලය වැනි විවිධ පාන වර්ග පානය කරන ලෙස විවිධ පාර්ශව විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන ව්‍යාජ පණිවිඩ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර හුවමාරු වීමේ ඉහල යාමක්ද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත.
මෙවැනි අසත්‍ය පුවත් හා ජනතාව නොමග යවනසුලු වට්ටෝරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට එක් කිරීම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තියට අනුව දඩුවම් ලැබියහැකි අපරාධමය වරදක් වන බැවින් මෙවැනි අසත්‍ය පුවත් හුවමාරු වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ගත කරන්නන් හට නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය