මත්පැන් ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) දී හෙළි වී ඇත. එම කාරක සභාව මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත.
මෙහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි. තවත් සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව එම ප්‍රධානීන් කෝපා කමිටුව වැඩිදුරටත් දැනුම්දී ඇත.