හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි සමාජමාධ්‍ය කිහිපයක් සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා දැනට ජාතික ලයිස්තුවේ සිටින මන්ත‍්‍රීවරෙයකු ඉල්ලා අස්වනු ඇති බව ද එම වාර්තාවල සඳහන්ය. දැනට තායිලන්තයේ සිටින ඔහු ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.