topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දේ,

received_10208874770379008

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම

සංහිඳියා ක්‍රියාවලිය හා බැඳුණු තීරණ, වැඩසටහන් සහ ක්‍රියාවලීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව ‘සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය‘ (Secretariat for Coordinating the Reconciliation Mechanisms – SCRM) අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2015 වර්ෂය අගදී ස්ථාපිත කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංහිඳියා යන්‍ත්‍රණයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය එම ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත.

එසේම ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය තුළ ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන සහ ඒවා ක්‍රියාත්මක කරන ආයතන අතර වන අතරමැදි ආයතනය ලෙස ක්‍රියා කරමින් එම කටයුතු පහසුකරණය මෙම ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ.

ඒ අනුව මෙම කාර්යාලය සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් සලසා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආසියානු රදගුරු සම්මේලනයේ සමු‍ළුව

හොංකොං නුවර ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ආසියානු රදගුරු සම්මේලනය ආසියාතික රටවල ක‍තෝලික ලබ්ධිකයන්ට අදාළ ක්‍රියාකාරකම්වලදී කතෝලික ප්‍රජාව අතර මනා සම්බන්ධීකරණයක් සිදු වන බව සහතික කිරීම සඳහා කටයුතු කරයි.

මෙම සම්මේලනයේ කමිටු රැස්වීම වසර 04කට වරක් පැවැත්වෙන අතර, මෙවර එම රැස්වීම 2016 නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 04 දින දක්වා මීගමුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා ආසියාවේ සියලුම රටවල් නියෝජනය කරමින් කාදිනල්වරු 08 දෙනෙකු සහ රදගුරුවරුන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

ඒ අනුව එම රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ලබා දීම පිණිස සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලිහිසිතෙල් කර්මාන්තය ලිහිල් කිරීම

මේ වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම ඇතුළු ආයතන 13ක් ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් කර්මාන්තය තුළ රැඳී සිටියි.

නමුත් ලිහිසිතෙල් කර්මාන්තයට ඇතුළත් වීම සඳහා නව බලපත්‍ර නිකුත් නොකිරීම, 2006 වර්ෂයේ සිට අර්ධ වාර්ෂික ලියාපදිංචි හා බලපත්‍ර ගාස්තු සංශෝධනය නොකිරීම, ස්වාධීන නියාමනකරුවෙකු නොසිටීම වැනි ගැටලු හේතුවෙන් ලිහිසිතෙල් කර්මාන්තයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් වෙළෙඳපොළ තුළ ඵලදායී‍ තරඟකාරීත්වයක් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ අඩංගු පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

(i) ලිහිසිතෙල් කර්මාන්තයට අලුතින් ඇතුළත් වීමට කැමැත්තක් දක්වන අයට බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය‍ මඟින් අයදුම්පත්‍ර කැඳවීම;

(ii) අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන ස්ථාවර ලියාපදිංචි / බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 2 දක්වාද උපරිම ලියාපදිංචි ගාස්තුව රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 6 දක්වාද වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම;

(iii) ආනයනික හා දේශීය වශයෙන් මිශ්‍ර කරන ලිහිසිතෙල් සඳහා ජාතික මට්ටමේ තත්ත්ව සහතික නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් දීම;

(iv) ලිහිසිතෙල් කර්මාන්තයේ නියාමනකරු ලෙස කටයුතු කිරීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත බලතල පැවරීම;

(v) ලිහිසිතෙල් නිෂ්පාදන උසස් ප්‍රමිතියකින් මහජනතාව වෙත ලබා දීමට අවශ්‍ය වන නීතිරීති බලාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දීම;

(vi) ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන උපදෙස් මාලාවන් දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට උපදෙස් දීම.

තාර වෙළෙඳ‍පොළ ලිහිල් කිරීම

මහාමාර්ග හා වෙනත් ඉදි කිරීම් කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගැනෙන තාර සඳහා නිරන්තරයෙන් වර්ධනය වන වෙ‍ෙළඳපොළක් ඇත.

නව මහාමාර්ග ඉදි කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ නිරන්තර නඩත්තු කටයුතු සඳහා යොදා ගැනෙන හෙයින් තාර සඳහා තිරසර වෙ‍ෙළඳපොළක් නිර්මාණය වී ති‍බේ.

එසේම කලාපයේ මෙන්ම සංවර්ධනය වන වෙනත් රටවල්වල තාර සඳහා නැඟී එන වෙ‍ෙළඳපොළක් තිබෙන බව දක්නට ලැබේ.

එබැවින් තාර වෙ‍ෙළඳපොළ ලිහිල් කිරීම මඟින් කලාපීය සැපයුම්කරු ලෙස නැඟී ඒමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තාර වෙ‍ෙළඳපොළ ලිහිල් කිරීමේ හා තරඟකාරී වෙළදපොලක්  ඉදි කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ අඩංගු පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

(i) තාර ආනයනය ලිහිල් කිරිම සඳහා නියෝග හා ප්‍රතිපත්ති සකස් කිරීම;,

(ii) ආනයන අපනයන පාලන පනත යටතේ අයිතමයක් ලෙස ‘තාර’ ලැයිස්තුගත කිරීමෙන් ආනයනය සඳහා බලපත් නිකුත් කිරීම;

(iii) අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දීම;

(iv) තාර සම්බන්ධයෙන් තත්ත්ව අනුකූලතා සහතික නිකුත් කිරීම සඳහා පර්යේෂණාගාර පහසුකම් දියුණු කරන ලෙස හා ප්‍රතීතකරණය කරන ලෙස කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දීම;

(v) බලපත්‍ර හිමියන්ගෙන් තාර වෙ‍ෙළඳාම මත වාර්ෂිකව රුපියල් මිලියන 2ක ස්ථාවර ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම.

රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ‍ජෝර්ජියාව අතර ගිවිසුම

ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි/නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම

ධීවර කර්මාන්තයේ සහයෝගිතාව ගොඩනගා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම

ධීවර කටයුතුවලදී දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමේ අරමුණින් මහජන චීන සමූහාණ්ඩුවේ ගුඇංග්සි ෂුඇං (Guangzi Zhuang) ස්වයං-පාලන ප්‍රාන්තයේ ධීවර, සත්ත්ව පාලන හා පශු සම්පත් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අතර වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තේ, රබර් හා පොල් යන වැවිලි ක්ෂේත්‍රවල පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීම පුළුල් කිරීම

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, තේ,පොල් සහ රබර් යන ක්ෂේත්‍රවල ඉඩම් හෙක්ටයාර 01ක් හෝ ඊට අඩු වගා බිම් හිමි කුඩා වතුහිමියන් වෙත වාර්ෂිකව ඔවුන් විසින් වගා කරන ලද ඉඩම් ප්‍රමාණයට සමානුපාතිකව පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලැබ ඇත.

යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ස්ථාන 02ක ඉදි කිරීම හා උපදේශන සේවා ලබාගැනීම

අන්තර්ජාතික ආගමික සමුළුව – 2016 නොවැම්බර් මාස‍යේදී කොළඹදී පැවැත්වීම

ධීවරයන් වෙත බෙදාදීම සඳහා අවශ්‍ය මාළු දැල් නිෂ්පාදන සීමාසහිත නෝත්සී සමාගමෙන් ලබාගැනීම

2016 වර්ෂය සඳහා යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග ලබාගැනීම

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය – පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම – ලංසු සහ යෝජනා ලබා ගැනීම

යාපනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය – සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදනය සඳහා යෝජනා ලබාගැනීම

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

පොලිස් විශේෂ කාර්ය බලකායේ විවාහක නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම   යන තීන්දු වේ.

Leave A Reply

Your email address will not be published.