topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනස්වීමේ ආරම්භය බවට පත්කරගමු.

vijitha herath-jvp news

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනස්වීමේ ආරම්භය බවට පත්කර ගන්න! යයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියි. ඔහු එසේ කියා  සිටියේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි එහෙදි  වැඩිදුරටත්  අදහස් දැක්වූ  විජිත  හේරත්
“මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ මේ වන විට ප‍්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ අදහස ඉදිරිපත් කිරීම සඳහායි. සැබැවින්ම මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ මීට වසර දෙකකට පෙරයි. නමුත් ආණ්ඩුව විසින් මැතිවරණය කල් දමනු ලැබුවා. රාජපක්ෂ පාලනය විසින් මෙම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ඉලක්ක කරගනිමින් ඇති කරන ලද කොට්ඨාස බෙදීම විසින් මහත් විකෘතියක් ඇතිකර තිබුණා. ඒ අනුව මැතිවරණ පැවැත්වූයේනම් ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී ප‍්‍රශ්න ඇතිවිය හැකිව තිබුණා. 1983ට වඩා දරුණු ගැටුම් ඇතිවිය හැකිව තිබුණා. ඇතැම් තැනක ඉතාම පහත් ආකාරයට, කුලවලට පවා කොට්ඨාස වෙන් කර තිබුණා. ඒ වගේම එය අපේ රටේ සාම්ප‍්‍රදායික පක්ෂවලට පමණක් ඉඩ හැදෙන මැතිවරණයක්. සෙසු දේශපාලන පක්ෂවලට, වෙනස් මතවාද නියෝජනය කරන පක්ෂවලට දේශපාලන නියෝජිතයන් බවට පත්වෙන්න ඉඩක් තිබුණෙ නැහැ. එදා ඒ හදලා තිබුන සීමා නීර්ණයන්වලට විද්‍යාත්මක පදනමක් තිබුණෙ නැහැ. බැසිල් රජපක්ෂලා තමන්ගේ මන්ත‍්‍රීවරුන්ගෙ ගෙවල්වල ඉඳගෙනයි කොට්ඨාස සීමා හදලා තිබුණෙ. රාජ්‍ය නිලධාරීන්ගෙ යන්ත‍්‍රණය මගින් නෙමෙයි. ඒ නිසා එය ඉතාම විකෘති මැතිවරණ ක‍්‍රමයක් වුණා.
මෙ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ බරපතළ වුවමනාවක් තිබුණා. ඒ සඳහා සීමා නීර්ණ අභියාචනා කමිටුවක් පත් කර තිබුණා. ඔවුනට ඒ වැරදි හදන්න යම් කාලයක් අවශ්‍ය වී තිබුණා. ආණ්ඩුව එය පාවිච්චි කර ගත්තා තමන්ගේ නොහැකියාව වහගන්න. ඡුන්දය කල්දාන්න රාජපක්ෂලා කරපු වැරදි හේතුවක් කරගත්තා. ඔවුන්ට ඒ සඳහා ප‍්‍රධාන හේතුව වුණේ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වුණු ශ‍්‍රීලනිපයේ බෙදීම. එම බෙදීම ඡුන්දයකට අවාසියි කියලා ඔවුන් හිතුවා. එජපය ගත්තොත් ගම් මට්ටමේ ජනතාවට කරපු දෙයක් නැහැ. ඒ නිසා ඔවුනුත් ඡුන්දෙකට යන්න බියෙන් සිටියා. ඒ නිසා එදා මේ මැතිවරණය වුවමනාවට වඩා කල් ගියා. රාජපක්ෂ පාලනය විසින් හදපු මැතිවරණ ක‍්‍රමයේ විකෘතියත් මේ ආණ්ඩුවට තමන්ගේ නොහැකියාව වසා ගැනීමට අවශ්‍ය වීමත් නිසා මැතිවරණය කල් යැවීමේ ප‍්‍රධාන හේතු දෙක බවට පත්වුණා.
ජනතා විමුක්ති පෙරමුණත් තවත් දේශපාලන පක්ෂත් සිවිල් පුරවැසියනුත් මැදිහත්ව පැරණ විකෘති මැතිවරණ ක‍්‍රමය වෙනස් කරගැනීමට බලවත් උත්සාහයක් ගත්තා. පසුගිය වසර දෙකක කාලය තුළ සීමා නීර්ණ කොමිසමේ සභාපත්වරයා විසින් එම අඩුපාඩු අවම කරමින් සංශෝධනයක් ඉදිරිපත් කළා. පරණ වැරදි ක‍්‍රමය වෙනස් කරන්න ජවිපෙ විශාල අරගලයක් කළා. එහි ප‍්‍රතිඵලයක් විදිහට නව වඩා සාධනීය මැතිවරණ ක‍්‍රමයක් ජනතාවට ලබාදීමට අපට හැකියාව ලැබුණා. එහෙම නැතුව මේක ආණ්ඩුව කැමැත්තෙන් දීපු මැතිවරණයක් නෙමෙයි. අවස්ථා ගණනාවක් කල්දැමීම නිසා තවදුරටත් කල්දැමිය නොහැකි, තාප්පයට හේත්තු වීම ඇතිවූ තත්වයක්.
අවසානයේ රටේ ජනතාව ඉල්ලපු නව මැතිවරණ ක‍්‍රමයක් ලැබී තිබෙනවා. ප‍්‍රධාන වශයෙන්ම රටේ මහත් විරෝධයකට ලක්වූ මනාප ක‍්‍රමය අහෝසි වී තිබෙනවා. තමන්ගේ කොට්ඨාසයට වගකියන මන්ත‍්‍රීවරයෙක් ලැබී තිබෙනවා. රටේ ජනගහනයෙන් සියයට 50කට වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කරන නමුත් මෙතෙක් ප‍්‍රදේශය ගැන තීන්දු තීරණ ගැනීමට වැඩි අවස්ථාවක් හිමි නොවූ කාන්තාවන්ට සැලකිය යුතු වැඩි නියෝජනයක් ලැබී තිබෙනවා.
පසුගිය කාලෙ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය වුණු අවස්ථාවේ ජවිපෙ එම පනතට පක්ෂව ඡුන්දය පාවිච්චි කළා. එම මැතිවරණ ක‍්‍රමයත් මේ සමානවම මැතිවරණ ක‍්‍රමය වෙනස් වූවක්. එය සාධනීය පියවරක් වූ නිසා තමයි එයට පක්ෂව අපි අපේ ඡුන්දය ප‍්‍රකාශ කළේ. ඒ වෙලාවෙ සමහරු කිවුවා ජනතා විමුක්ති පෙරමුණ ඡුන්ද කල් දාන්න උදව් වෙනවා කියලා. අපි ඒ වෙලාවෙත් අවධාරණය කළා පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි කියන දෙය. ඒ අනුව මේ රටේ ජනතාවට සහතිකයක් අරන් දුන්නා අනිවාර්යයෙන් මේ මැතිවරණය පවත්වන බවට. දැන් ඇමතිවරයා විසින් අදාළ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව සඳහන් කරපු ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි මාසෙ අග වන විට ඡුන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනවා. ඔවුන් ජනවාරි අග මැතිවරණය පැවැත්විය හැකි බව මේ වන විට ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. එදා අපිට ඡුන්ද කල්දානවා යැයි චෝදනා නගපු අය අද තේරුම් ගන්නවා ජවිපෙට අවශ්‍ය වුණේ නිවැරදි ක‍්‍රමයක් යටතේ මුළු රටේම ඡුන්දයක් පවත්වන්න බව. අපි ඒ සටන දැන් ජයග‍්‍රහණය කර තිබෙනවා. අපි මැදිහත් වුණේ මේ මැතිවරණය හැකි ඉක්මණින් පවත්වන්න. කඩින් කඩ ඡුන්ද පවත්වනවා වෙනුවට මුළු රටේම එකවර ඡුන්දය පවත්වන්න. රාජපක්ෂ පාලනය උත්සාහ කළේ තමන්ගේ රාජ්‍ය බලය, ආණ්ඩු බලය, පළාත් සභා බලය, මැර බලය, මූල්‍ය බලය පාවිච්චි කර ගෙන තෝරාගත් තැන්වල ඡුන්දය පත්වන්නයි. ඒක ක‍්‍රමයක් විදිහට වැරදියි. ජනතාවටත් මහත් කරදරයක්. ඒ මගින් ඔවුන් අයුතු වාසි ලැබුවා. මේ ආණ්ඩුවටත් ඒ සෙල්ලම කරන්නට ඉඩ නොදිය යුතුව තිබුණා. ඒ නිසා පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් එකවර මුළු රටේම එකවර පැවැත්වීම වෙනුවෙන් අපි පෙනී සිටියා. තවමත් ඉන්නවා. එය රටේ ජනතාව ඉල්ලා සිටින දෙය.
මේ මැතිවරණය ගත්තොක් අපේ රටේ ඉතිහාසයේ එජාපය සහ ශ‍්‍රීලනිපය එකතු වෙලා හවුල් ආණ්ඩුවක් පවත්වා ගෙන යමින් ඉන්නකොට පවත්වනු ලබන පළමුවැනි මැතිවරණයයි. මීට කලින් පක්ෂ දෙකේ හවුල් ආණ්ඩුවක් යටතෙ මැතිවරණ පවත්වා නැහැ. ඒ නිසා මේක අලූත් අත්දැකීමක්. ඒ වගේම මේක 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ පැවැත්වීමට නියමිත පළමු මැතිවරණය. ඒ නිසා මේ රටේ ජනතාවට හොඳ අවස්ථාවක් තියෙනවා, වසර දෙකක ආණ්ඩු කාලය සමාලෝචනය කරලා, කරපු කියපු දේවල් කිරල මැනලා ඡුන්දය පාවිච්චි කරන්න. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගන්න එක රටේ ජනතාවගේ වගකීමක්, යුතුකමක්.
ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි අපේ මැතිවරණ ව්‍යාපාරය, සංවිධානාත්මක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මේ මැතිවරණය කියන්නේ හොරකම, වංචාව, දුෂණයට එරෙහි වනවායැයි කියමින් හදපු ආණ්ඩුව එවැනිම දුෂිත තත්වයකට පත්වීම යටතේ, පොරොන්දු කඩකිරීම යටතේ පවත්වනු ලබන මැතිවරණයක්. ඒ නිසා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ගේ තිබෙන විරෝධය ප‍්‍රකාශයට පත් කරන්න මෙම මැතිවරණය පාවිච්චි කරගන්න පුළුවන්. ජවිපෙ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්, විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඇති කරලා නිවැරදිව මැදිහත් වෙමින් සිටින දේශපාලන පක්ෂයක්. හොරකම, නාස්තිය, දු ෂණයට එරෙහිව සටන් කරන පක්ෂයක්; මේ දුෂිත දේශපාලකයින්ට එරෙහිව සටන් කරන පක්ෂයක්.
ඉදිරි මැතිවරණයේ ඔබට ලැබෙන අවස්ථාවේදී ඔබේ ගමේ කොට්ඨාසයේ මන්ත‍්‍රීවරයා තෝරා ගැනීමේදී එම නියෝජිතයා නිල් කොළ සාම්ප‍්‍රදායික පක්ෂවල තක්කඩි හොරෙක්ම වුණොත් ඔබේ ප‍්‍රාදේශීය සභාව, නගර සභාව නිසැක ලෙසම දු ෂිත ආයතනයක් බවට පත්වේවි. එම නියෝජතයින් පරණ හොරකම්, පරණ දුෂණයන් ඔබට එලෙසම දකින්නට ලැබේවි. දුෂණයෙන් පිරුණු සභාවන් ඇතිවේවි. දැන් හොඳ අවස්ථාවක් ඒ තත්වය වෙනස් කරන්න. වංචාව, දුෂණයෙන් තොර පිරිසිදු පාලනයක් ගමේ ඇතිකර ගන්න හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ජවිපෙ අපේක්ෂකයා තමන්ගේ භාවිතයෙන් වංචාවට, දුෂණයට එරෙහි බව පෙන්වූ අයෙක්. ඔබ ඉතිහාසයෙන් ජවිපෙ කවරාකාර පක්ෂයක්දැයි දන්නවා. ගම තුළ පැහැදිලි පිරිසිදු පාලනය ඇති කර ගැනීමට හැකිවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයෙක් ඔබේ ගමේ නියෝජිතයා බවට පත් වුණොත් විතරයි. ගමට අවශ්‍ය කිඳා බැහැගෙන තියෙන දු ෂිත ක‍්‍රමවේදය වෙනුවට පිරිසිදු පාලනයක්. ඒ වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔබේ ඡන්දය නිවැරදිව භාවිත කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
ඒ වගේම දුෂිත රාජපක්ෂ පාලනයට නොදෙවෙනි මෙම ආණ්ඩුවේ දුෂණයන්ට, වංචාවලට, හොරකම්වලට එරෙහිව ජනමත විචාරණයක් බවට මෙම පළාත් පාලන මැතිවරණය පාවිච්චි කරගන්නා ලෙස අපි ජනතාවට කියනවා. එහෙම කළොත් ගම තුළින් වංචාව දු ෂණය හොරකම පරාජය කරන්න පුළුවන්. ඒ සඳහා වන ඔබගේ මැදිහත්වීම දැන්ම අරඹන්න. ඒ සැබෑ පිරිසිදු අවංක මහජන නියෝජතයා නිර්මාණය කිරීමට ජවිපෙ සූදානම්. අපි දැනටමත් ඒ හැකියාව තිබෙන ප‍්‍රගතිශීලී ජනතාවට ආරාධනා කර තිබෙනවා, අප සමග අත්වැල් බැඳගන්න. දුෂණයට එරෙහි ඒ සටන අපිට ජයගන්න පුළුවන්. ඒ සඳහා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඔබේ ඡුන්දය පාවිච්චි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එය මේ රට වෙනස් කරන මහා ගමනේ මූලාරම්භය වෙනවා. අනාගතයේ මේ රටේ ඇති කළ යුතු, ඇති කළ හැකි මහා දේශපාලන වෙනසක ආරම්භයද වෙනවා. මෙම මැතිවරණය එම වෙනස්වීමේ ආරම්භය බවට පත්කර ගන්න.
මේ මැතිවරණය තුළ හිටපු මන්ත‍්‍රී සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වී තිබෙනවා. හාරදහස් ගණනක මන්ත‍්‍රීවරු සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. ඒ තත්වය ඇති කලේ බැසිල් රාජපක්ෂලා. ඔවුන් ඇති කරපු කොට්ඨාශවල වැරැද්ද නිසා තමයි මෙම සංඛ්‍යාව විශාල වුණේ. ඒක රටට බරක්. අමතර වියදමක්. නමුත් ඒ තත්වයත් වෙනස් කරන්න, කොට්ඨාස නැවත සකස් කරන්න ගියොත් තවත් වසර දෙකක් විතර යාවි මැතිවරණය පවත්වන්න. මැතිවරණ ක‍්‍රමය විකෘති කළා පමණක් නොව, මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවත් වැඩි කළා. ඒ වැරැුද්දේ වගකීම තිබෙන්නේ රාජපක්ෂ කණ්ඩායමටයි. ඒ නිසා අපි කිවුවේ මේ මැතිවරණය මෙලෙස පවත්වා අනාගතයේ දවසක මේ කොට්ඨාස සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කර ගත යුතුයි කියලා; එතෙක් කල් නොදමා මැතිවරණය පවත්වන්න කියලා.
ආණ්ඩුව ඇතුලේ සමහර කණ්ඩායම් උත්සාහ කළා නුවරඑළිය හා අඹගමුව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශය සභා තුනකට වෙන් කිරීම සහ තවත් කිහිපයක් පදනම් කරගෙන මැතිවරණය කල් තබන්න. එසේනම් එම සභාව හෝ කිහිපයට අදාළ මැතිවරණ කල් තබා සෙසු මැතිවරණ පවත්වන ලෙසට අපි අවධාරණය කළා. දැන් අවසානයේ එම වෙනස්කම්ද සිදුකර තිබෙනවා. එම නව සභා නිර්මාණය කිරීමට අදාළ පදනමක් තිබෙනවා. භූගෝලීය වශයෙන් සහ ජනගහනය අතින් එය විශාල ප‍්‍රදේශයක්. එහෙත් මෙවැනි තත්වයන් විද්‍යාත්මකව හඳුනාගෙන වෙනස් කළ යුතු තැන් තවත් තැන්වල තිබෙනවා. හැමදාම වගේ මෙවරත් මේ වෙනස්කම් සිදුවුණේ අවසන් මෙහොතේ එක් එක් අයගේ වුවමනාකම් අනුවයි. අපට මතකයි, අතාවුල්ලා හිටපු පළාත් පාලන ඇමතිවරයා ඡුන්දය ප‍්‍රකාශයට පත්කිරීමට දවසක් තිබියෙදී අක්කරෙයිපත්තුව නගර සභාවක් බවට පත් තිබුණා. මෙවර තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව, පොළොන්නරුව නගර සභාව බවට පත්වී තිබෙනවා. අඹගමුව ප‍්‍රදේශීය සභාව වෙන් කිරීමේදී බෞද්ධ ජනතාවගේ ශ‍්‍රීපාද පූජා භූමියේ අදාළ ගැටලූවක් මතු වුණා. එහි කඳු මුදුන ප‍්‍රදේශය සබරගමුවටත් නල්ලතන්නි වත්ත ප‍්‍රදේශය නුවරඑළිය දිස්ත‍්‍රික්කටත් අයත් වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා ශ‍්‍රීපාදය පූජා භූමියක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගැසට් කරන ලෙස. එහෙම නොවුණොත් අලූත් ගැටලූ මතුවිය හැකියි. එවැනි තත්වයන් කල් ඇතිව වළක්වා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා. යයි  පැවසිය.

Leave A Reply

Your email address will not be published.