topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග – පක්‍ෂ මාරුවෙන් සභික ධූරයත් අහෝසි වෙයි.

Ministry_Provincial_Council

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත යටතේ පක්ෂ මාරු කරන පුද්ගලයින්ගේ සභික ධූරය අහෝසි වන බව පළාත් පාලන අමාත්‍යංශය පවසා සිටී. කිසියම් පක්ෂයක ලේකම්වරයෙකු විසින් පළාත් පාලන ආයතනයට තේරීපත්ව ඇති සභිකයෙකු, පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බවට දැනුම් දුන් විට ඔහුගේ සභික ධූරය අහෝසි කිරීමට හැකියාව පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙනු ලබයි.

2018 ‍පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි, මේ බව සඳහන් කර ඇත.

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධූර කාලය මාර්තු මස 06 වන දින සිට ආරම්භ වීමට නියමිත බව අදාළ නිවේදනයට අනුව සඳහන් වේ.

එමෙන්ම පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකු හෝ නගරාධිපතිවරයෙකු පත් කිරීම පළාත් පාලන ආයතනයේ ආසන සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඇති පක්ෂයට හෝ ස්වාධින කණ්ඩායමට තීරණය කිරීමේ අවස්ථාව හිමිවන බවත්,   පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50කට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිව නොමැති පළාත් පාලන ආයතන වල සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සභිකයින්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගත යුතු බවත් අදාල නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය තෝරා පත් කරගැනීම 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතට අනුව සිදුවිය යුතු බව ද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අදාළ පනතේ සංශෝධන අතීතයට බලපාන පරිදි සිදුකිරීමට නෛතිකමය බාධාවක් පැනනැගී ඇති බැවින් අවශ්‍ය නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී එය නිවැරදි කරගැනීමේ හැකියාව පවතින අතර පැවති ඡන්දය සඳහා එය සංශෝධනය සිදුකළ නොහැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.