topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‍ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනු රටේ වැදගත්ම සම්පතයි..

Ranil_Wickramasinghe_PM

“සදා සුරකිමු දැයේ දරුවන්” යන තේමාව යටතේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන “සුරක්‍ෂා සිසු රක්ෂණය” එළිදැක්වීමේ උත්සවය අද (02) දින අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම උත්සවය අමතමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ අදහස් පළකරන ලදී.

1942 වර්ෂයේදී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපන ඇමැතිතුමා අපේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නා. ඊට පෙර ඇතැම් පාසල් සඳහා පාසල් ගාස්තු ගෙවීමට රටේ දුප්පත් දෙමව්පියන්ට මුදල් තිබුණේ නැහැ. එම නිසා නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම හරහා රටේ දූදරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති පළමු ආර්ථික බාධකය එතුමා ඉවත් කළා. ඉන්පසුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% කට පාසල් පෙළ පොත් මිලදී ගැනීමට මුදල් නොතිබූ බැවින් 1980 වර්ෂයේදී පාසල් පෙළ පොත් නොමිලයේ ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යෝජනා කළා.

2017 වසරේ ඔක්තෝම්බර් මස 02 වැනිදා වන අද දින ශ්‍රී ලංකාවේ සියලූම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සඳහා “සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමය අපි ආරම්භ කළා. තම දරුවන් අසනීප වූ විට ඒ වියදම දරාගැනීමට ඇතැම් දෙමව්පියන්ට හැකියාවක් නැහැ. එසේ නම් නිදහස් අධ්‍යාපනය ආරම්භවී වසර 75 ක් ගත වන මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය වෙනුවෙන් අප මෙම පියවර ආරම්භ කළා.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනු රටේ වැදගත්ම සම්පතයි. රටේ අනාගතය රදා පවතින්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මතයි. එසේ නම් රටේ දූදරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාගැනීමට ආර්ථිකමය වශයෙන් යම් බාධාවක් තිබෙනවා නම් අප එය ඉවත් කර දිය යුතුයි. නිදහස් අධ්‍යාපනයක් ලබාගැනීමට, නොමිලයේ පොත් පත් ලබාගැනීමට සහ තම සෞඛ්‍ය ආරක්‍ෂා කරගනිමින් අධ්‍යාපනයේ නිරත වීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමිකමක් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශයේ ඇති සැමට අධ්‍යාපනය ලබාගැනීම සඳහා වන අයිතිවාසිකම් මෙතරම් තහවුරු කළ රටවල් ස්වල්පය අතරට අපත් එකතු වෙනවා. මේ වැඩසටහන සඳහා අපේ රජය ලබාදුන් මුදල රුපියල් මිලියන 2900 ක්. පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන මෙම “සුරක්‍ෂා සිසු රක්ෂණය” වෙනුවෙන් අපේ රජය සෑම වසරකම අවශ්‍ය මුදල් යොදවනවා. එම මුදල් ලබාදීම අපේ රජයේ යුතුකමක්.

රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට ගත් පියවර නිසා මෙම මුදල් ලබාදීමට අපට දැන් හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී අප ජාතික ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවේ මෙම මූල්‍යමය ශක්තිය අපට තිබුණේ නැහැ. රටට ලැබෙන ආදායම ලබා ගෙන ඇති ණය ප්‍රමාණය පියවීමටවත් ප්‍රමාණවත් නොවූ අතර, අප ඒ ආකාරයෙන්ම ඉදිරියට ගියා නම් අධ්‍යාපනය වෙනුවෙන් මෙවැනි විශාල වැඩකොටසක් ඉටු කිරීමට හෝ මෙවැනි විශාල මුදලක් ලබාදීමට අපට හැකි වන්නේ නැහැ.

2015 වසරට පෙර අධ්‍යාපනයට වියදම් කළ මුදල් ප්‍රමාණයෙහි ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබුණා. නමුත් බලයට පත්වීමෙන් පසුව රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරමින් ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. අප ආර්ථිකය ඒ ආකාරයෙන් සුරක්‍ෂිත කළ නිසා රටේ ණය ගෙවීමටත්, අනෙක් වැඩකටයුතු සඳහා මුදල් යෙදවීමටත් හැකි වී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කරමින්, “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පාසල් වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. ඒ වගේම ගුරුවරුන් ඇතුළුව රජයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩිකිරීමටත්, නිවාස ලක්‍ෂ 2 ක් ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට, රැකියා අවස්ථා ලක්‍ෂ 4 ක් පමණ බිහි කිරීමටත් අපට හැකියාව ලැබුණා. කෙටි කාලයක් තුළ මේ සියල්ල අපේ රජය යටතේ සිදු කළ බව මම කියන්න කැමැතියි.

අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම දරුවන්ට රක්‍ෂණාවරණයක් ලබාදීමෙන් පමණක් සීමා වන්නේ නැහැ. ඒ වෙනුවෙන් අධ්‍යාපන ඇමැතිතුමා සතුව සැලසුම් ගණනාවක් තිබෙනවා. ඒවා සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමයි දැන් සිදු කළ යුත්තේ.

ඒ වගේම වසර 13 ක පාසල් අධ්‍යාපනය අප දැන් අනිවාර්ය කර තිබෙනවා. මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පාසල හැර යන 50% ක් වන ශිෂ්‍ය ප්‍රතිශතයට ඉදිරියේදී වසර 13 ක් උසස් පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තරයේ දැනුම ලබාගැනීම සඳහා එළඹෙන වසරේ සිට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රටේ පාසල් සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනත් අප දැන් ආරම්භ කර තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ හරහා රටේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට අපි කටයුතු කරනවා.

එපමණක් නොවෙයි. පාසල් අධ්‍යාපනය හමාරවීමෙන් පසුව එම දූදරුවන්ට රට තුළ හොඳ රැකියා අවස්ථා තිබිය යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය සහ විදේශීය ආයෝජන හරහා කර්මාන්ත, සංචාරක, මූල්‍ය, තොරතුරු තාක්‍ෂණ, ප්‍රවාහන ආදී අංශයන්ගෙන් රැකියා අවස්ථා බිහි කරමින් වඩා හොඳ රැකියා අවස්ථා සහිත උසස් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු අප දැන් සිදු කරමින් සිටිනවා. ඒ අනුව පාසලට ඇතුළත්වීමේ සිට පාසලෙන් ඉවත්වීම දක්වාත්, ඉන් පසුව රැකියාවක් ලබාගැනීම දක්වාත් අවශ්‍ය සියලු වැඩකටයුතු අපේ රජය යටතේ සිදු කරන බව මම ප්‍රකාශ කරන්නට කැමැතියි.

ජනාධිපතිතුමාත්, මමත්, අධ්‍යාපන ඇමැතිතුමාත් අධ්‍යාපනය ලැබුවේ නිදහස් අධ්‍යාපනය හරහායි. නිදහස් අධ්‍යාපනයේ වටිනාකමත්, එය ආරක්‍ෂා කිරීමේ යුතුකමත් අප තේරුම් ගෙන තිබෙනවා. කෙටි කාලයක් තුළ අධ්‍යාපාන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙතරම් විශාල වැඩ කොටසක් කිරීමට අපට හැකියාව ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛව අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ නිසයි. ඇතැමුන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව චෝදනා නඟනවා.

නමුත් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය නොකළා නම් රටේ දූදරුවන් වෙනුවෙන් අද මෙවැනි රක්‍ෂණ වැඩසටහනක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා ද? “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා ද? එසේ නම් මෙහි සිටින රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකියාව ලැබෙන්නේත් නැහැ. ආර්ථිකයමය අතින් රටට අපහසුම කාලයේ අප බලය ලබාගත්තත් අපි අනුගමනය කළ වැඩ පිළිවෙළ හරහා මේ සියලු කටයුතු සිදු කිරීමට හැකියාව ලැබුණා. එම නිසා අපේ රජය යටතේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බව මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම කියන්න කැමැතියි.

මෙම පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කෙරෙන මෙම “සුරක්‍ෂා සිසු රක්ෂණය” වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාටත්, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මැතිතුමාටත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාටත්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවටත්, සංස්ථාවේ සභාපතිතුමාටත් මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වනවා. ඒ වගේම රටේ නිදහස් අධ්‍යාපනයේත්, මෙම සිසු රක්‍ෂණ වැඩසටහනේත් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් මේ රටේ සංවර්ධනයට දායකත්වය ලබාදෙන ලෙස මම රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

 

 

 

Leave A Reply

Your email address will not be published.