topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එදා නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ මහරාජගේ යටතේ – ඇමතිනිය කියයි.

Thalatha _AthukoralaUNP

පසුගිය රජය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව පැවතියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ බවත්, ඔහුට අවශ්‍ය පුද්ගලයා නීතිපති ලෙස පත්කර තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ලබාදුන් බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ප‍්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර, නිවිතිගල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

යුද්දේ වෙනුවෙන් තමන්ගේ ලේ මේ මහපොලොවට හෙළපු ජෙනරාල් ෆොන්සේකාව හිරේ දැම්මා ඡන්දේට ඉදිරිපත් වුණා කියලා. ඒක තමයි රටේ තිබුණ දේශපාලනය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබුණේ නෑ. අද නම් අධිකරණ ඇමතිට ගොඩක් අය එක එක දේවල් කියනවා. නමුත් ඔවුන්ට අමාතක වෙලා එදා නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ මහ රජාගේ යටතේ. එයාට  ඕනි ඒවා තමයි එතන කියවුණේ. එයාට  ඕනි කෙනා තමයි නීතිපති හැටියට පත්වුණේ. බැසිල් රාජපක්ෂගේ පනතක් කි‍්‍රයාත්මක කළේ නෑ කියලා අග‍්‍රවිනිශ්චයකාරවරිය පැය 48න් ගෙදර යැව්වා. ඒ අය නිකම් ඒ තැනට ආවා නෙවෙයි ඉගෙන ගෙන සුදුසුකම් ඇතිව ආව අය. විනිශ්චයකාරවරුන්ට කතා කරලා කියනවා ලියවෙන්න  ඕනි තීන්දුව මොකක්ද කියලා. නීතිපති දෙපාර්තුමේන්තුව මගින් අපි හංගපු ෆයිල් එළියට අරන් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට වුණු අසාධාරණකම් පිළිබඳව නඩු යටගහලා තියෙනවා.

මාධ්‍යවේදීන් ගැන කතාකරොත් මාධ්‍යවේදීන් ගණනාවක් මරලා දැම්මා. අද මාධ්‍යවේදීන්ට  ඕනි දෙයක් කියන්න නිදහස තියෙනවා. මොන දේවල් පළකළත් අද කවුරුත් උස්සගෙන යන්නේ නෑනේ. කැමති විදිහට  ඕනිම කෙනෙක් විවේචනය කරන්න අද නිදහස තියෙනවා. මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න පැහැරගෙන යන්න අද මොනම විදිහටවත් කටයුතු කරන්නේ නෑ. අද රජයේ සේවයට උපරිම නිදහසක් තියෙනවා. පහුගිය කාලේ රාජ්‍ය සේවය තුළ හැම වරප‍්‍රසාදයක්ම ලැබුවේ එක පක්ෂයකට සම්බන්ධ උදවිය විතරයි. අපේ අයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල එහෙම තහනම් වෙලා තිබුණා. සමෘද්ධිය ලබාදෙන්නත් බලපු එකම සුදුසුකම තමයි දේශපාලනය. අනිත් ප‍්‍රතිලාභ ලබාදීමත් එහෙමයි. පොලිස් සේවය වුණත් කි‍්‍රයාත්මක වුනේ එක පිරිසකට විතරයි.

අවුරුදු 2ක් තුළ කෝටි 9කට අධික වැඩ එක කොට්ඨාශයක විතරක් කරලා තියෙනවා. බෝඞ් එක නැතිවුණාම කිව්වා සංවර්ධනය නැතිවෙලා කියලා. ඒක නිසා බෝඞ් එක නැතිවුණත් ගමට ඇවිත් වැඩ පටන් ගත්තා. අද සමහරු කතාකරනවා පොල්ගෙඩිය ගැන. දේශගුණික හේතු නිසා පොල් ඵලදාව අඩුවුණා. නමුත් රජයක් හැටියට පොල් පිටරටින් හරි ගෙනත් දෙනවා කියලා අපි කිව්වා. ඒත් කවුරුත් කතාකරන්නේ නෑ අනේ ගෑස් මිළ අඩුවුණානේ කියලා. කිරිපිටි, පරිප්පු, සීනි මිළ අඩු වුණා. ඒ ගැන කතා නෑ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එයාට  ඕනි  ඕනි විදිහට වැඩ කරද්දි හැමෝම නිහඩව හිටියා. කතා කරන්න බෑ. උස්සන් ගියොත්. ?ට ඇවිත් ගෙදරට ගැහුවොත්. දැන් එළියට බැහැලා. 2011 පටන් ගත්ත සයිටම් ගැන උද්ඝෝෂණය කරන්න මතක් වෙලා තියෙන්නේ දැන්. අපි ගරු කරන වෛද්‍ය වෘත්තියත් අද හෑල්ලූ කරලා තියෙනවා. උදේට රෝහලට යන්නේ නැතුව වර්ජනය කරනවා. හවසට ඇවිත් පුද්ගලික තැන බෙහෙත් කරනවා. බෙහෙත් මිළ අඩු කළා. වෛද්‍ය ප‍්‍රතිකාර නොමිලේ දෙනවා කියලා කවුරුත් කියන්නේ නෑ. මෙවර අයවැයෙන් පිළිකා රෝහලකුත් රත්නපුරේට ලැබුණා.

මේවා එකක්වත් කතාකරන්නේ නෑ. කතාකරන්නේ රනිල් වික‍්‍රමසිංහ හොරා. හොරු අල්ලන්න ඇවිත් ඒ අය හොරු වෙලා. මේවා කියන්නේ හතරවරම් ගහපු හොර නඩය. අද ඒකාබද්ධ විපක්ෂය කියලා කණ්ඩායමක් හදාගෙන ඉන්නවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට අපි ලොකු අභිමානයකින් ඉන්නේ. අපිට හිටියා නායකයෝ 7ක්. එක පවුලෙන් ආවේ දෙන්නයි. පේ‍්‍රමදාස මහත්තයා පොඩි තැනින් පටන් ගෙන රටේ ජනාධිපති දක්වා ගියා. අපි සියළුම ජාතීන්ට ගරු කරනවා ආරක්ෂා කරනවා වගේම මේ පක්ෂයේ  ඕනිම කෙනෙක්ට අවස්ථාව තියෙනවා දක්ෂකම තියෙනවා නම්. කවුද හිතුවේ ආණ්ඩුවට අවුරුදු 2ක් යද්දි මට තවත් ඇමතිකමක් ලැබෙයි කියලා. නමුත් නිදහස් පක්ෂයේ නායකයො බැලුවොත් එක පවුලේ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි තමයි ඉඳලා තියෙන්නේ. පොළොන්නරුවෙන් ආපු සරල මනුස්සයා නායකයා වෙනවට කවුරුත් කැමති නෑ. ඒ අය හොයන පැලැන්තිය මොකක්ද දන්නේ නෑ. මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවුණාම පැරදුන මනුස්සයා ආයෙත් ඇවිත් නායකකම ඉල්ලනවා. හොර නඩයක් එකතුවෙලා පොහොට්ටුව කියා පක්ෂයක් හදාගෙන ඡුන්දේ ඉල්ලනවා. පොහොට්ටුවෙන් එන මිනිස්සු දිහා හොඳට බලන්න.  ඕකේ ඔක්කොම ජාතියේ මිනිස්සු ඉන්නවා. මිනිමරුවෝ, මංකොල්ලකාරයෝ, කප්පම්කාරයෝ ඔක්කොම ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න නඩයත් එහෙමයි. නායකයගේ ඉඳන් හොඳට හොරකම් කරපු මිනිස්සු ඉන්නේ. දැන් කියනවා හොරු අල්ලන්න ඇවිත් ඒ අය හොරු වෙලා කියලා. මහින්ද රාජපක්ෂව හිරේ දාන්න පුළුවන්. බැරිකමක් නෙවෙයි. ලෝකෙන් කොන්වෙලා තනියෙන් යැපෙන්න සියළුම දේ තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්.” යනුවෙන් සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.