topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහ බව අනුර කුමාර දිසානායක පවසයි

4
දුෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි, කෝප් කමිටුවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයයි ජනතා විමුක්ති පෙරමුණෙ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවැසුවේ ය. ඔහු මේ බව පැවැසුවේ, බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි, වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක
”අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාවයි. තේ දළු කඩලා, මහ මුහුදේ ධීවර රැුකියාව කරලා, ගොවිතැන් කරලා, බැංකුවේ රස්සාව කරලා, ගුරු වෘත්තිය කරලා, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එමගින් නිපදවන මහජන ධනයෙන් පංගුවක් ආණ්ඩුව බදු හරහා මරණ, විවාහ වැනි ලියාපදිංචි ගාස්තු හරහා රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගන්නවා. ආණ්ඩුවේ වගකීම තමයි එසේ ලබාගන්නා මහජන ධනය ආරක්‍ෂා කොට, රැුකබලා ගනිමින් මහජනතාව වෙනුවෙන් යෙදවීම. ඒ සඳහා තමයි ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙලා තිබෙන්නේ. නමුත් මහජන ධනය ආරක්‍ෂා කරගත යුතු පාලකයන් සහ පාලනය විසින් මහජන ධනය කොල්ල කමින් තිබෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුණු මුදල් සහ ලැබිය යුතු මුදල් හොරා කමින් ඉන්නවා. අපේ රටේ කිසිදු පුරවැසියෙකු මෙය අනුමත කරන්නේ නැහැ.
රාජපක්‍ෂ පාලනයේ කළු දශකය තුළ අපේ රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑවා. එනිසා පසුගිය ජනවාරි 08වැනිදා ප‍්‍රබල සටනක් වංචාවට, ¥ෂණයට එරෙහිව පැන නැගුණා. එය කොතරම් ප‍්‍රබලද කියනවා නම් ජනාධිපති අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන කිව්වා, හොරුන්ට රටින් පැන යාමට නොහැකිවන පරිදි ගුවන් තොටුපොළවල් වහනවා කියලා. එහෙම ප‍්‍රකාශ කරපු වත්මන් පාලකයින් වඩා වැඩි වගකීමකින් මහජන ධනය ආරක්‍ෂා කරගත යුතුව තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම පැහැර හරිමින් කටයුතු කරනවා. එපමණක් නෙවෙයි, අධිවේගී මාර්ග ටෙන්ඩර් මගින්, රේගුවේ වාහන නීති විරෝධී ලෙස නිදහස් කිරීම මගින්, ගල් අඟුරු ටෙන්ඩර් මගින් මහජන ධනය හොරකම් කළ හැකි සියලූ තැන් පීරමින් හොරා කමින් ඉන්නවා.
ඒ හොරකම්වල එක් මධස්ථානයක් තමයි, මහ බැංකුව කියන්නේ. පසුගිය ආණ්ඩුවේ පාලනය කාලයේ මහබැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඞ් කබ්රාල් එක් වසකදී රුපියල් කෝටි 139ක අයථා ගනුදෙනු කළ බව වාර්තා වෙනවා. කඩා වැටෙමින් තිබුණු ගී‍්‍රසියේ බැඳුම්කර තැන්පත් කරලා අපේ රටේ මහජන ධනය ඩොලර් මිලියන 152ක් රටට අහිමි කරමින් කොමිස් ගැහුවා. ඒ වගේම හෙජින් ගනුදෙනුවේදී ප‍්‍රධාන පාර්ශ්වකරුවා වූයේ මහබැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඞ් කබ්රාල්. ඔහු ටෙන්ඩර් මණ්ඩලයට උපදෙස් දුන් ප‍්‍රධාන පාර්ශ්වකරුවා. හෙජින් ගනුදෙනුවේ පාඩුව රු. කෝටි 1020ක් කියලා පහුගිය අගෝස්තු මාසේ නිකුත් වූ කොප් වාර්තාවෙන් හෙළි වුණා. අපේ රටේ මහබැංකුව හොරුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. ඒ මහ බැංකුවට තමයි රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ ගජ මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන් පත්කර ගත්තේ. කොතරම් ගජ මිතුරෙක්ද කියනවා නම් සිංගප්පූරුවේ මගුල් ගෙදරක යනකොට රනිල්ට කෝල් කරලා කියනවා.
2015 පෙබරවාරි මාසයේ 27වැනිදා මෙම දූෂිත ගනුදෙනුව සිදුවෙනවා. ආණ්ඩුව මාරු වෙලා උණුසුම මැකී යන්නටත් පෙර හොර ගනුදෙනුවක් සිදුවෙනවා. මාධය ආයතනවල, ජනතාව අතරේ, ආණ්ඩු මාරුවීම පිළිබඳව උණුසුම් සංවාද යද්දී ආණ්ඩුව මාරු වී මාස දෙකක් ගත වෙන්නටත් පෙර මෙම මහා මංකොල්ලය සිදුවෙනවා. ගනුදෙනුව සිදුවූ නිශ්චිත මොහොතේ පාඩුව පමණක් රු.කෝටි 167ක් බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා. එම ගනුදෙනුව හරහා පොලී අනුපාතවල විචලනය, බැංකු ගනුදෙනුවල වෙනස්වීම්, වෙළඳපොළේ සිදුවන ගනුදෙනු, භාණ්ඩ හා සේවා ඉහළ යාම වැනි ආර්ථික ක්‍ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් සිදුවෙනවා. ඒ ඔස්සේ සිදුවන ආර්ථික පාඩුව ගණනය කරන්න බැහැ. ඒ මොහොතේ මහබැංකු අධිපතිවරයා විසින් මුදල් මණ්ඩලයට පොලී අනුපාතිකය ඉහළ දමන ලෙස දැනුම් දුන්නේ මෙම බලපෑම නිසයි. මෙහි ආර්ථික බලපෑම අවුරුදු 30ක් දක්වා සිදුවෙනවා.
මෙම ගනුදෙනුව සිදුවී දින කිහිපයක් ගතවෙන විට අප මාධ්‍ය හමුවක් පවත්වා මේ බව රටට හෙළිදරව් කළා. 2015 මාර්තු 17වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළා. ජනතා විමුක්ති පෙරමුණ ඒ මොහොතේ සිට වංචාවට එරෙහිව විශාල හඬක් නැගුවා. මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් නම් ඒ මොහොතේ කළ යුතුව තිබුණේ අර්ජුන මහේන්ද්‍රන් තාවකාලිකව මහබැංකුවෙන් ඉවත් කොට පරීක්‍ෂණයක් සිදුකරන එකයි. ඒ වෙනුවට රනිල් වික‍්‍රමසිංහ කළේ, සිරිකොතේ නීතිඥවරුන් තුන් දෙනෙකුගේ කමිටුවක් දාලා ගනුදෙනුව වහන එකයි. මේ ආණ්ඩුව ශුද්ධ ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණ අල්ලස් කොමිසමට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන එකයි. නමුත් එහෙම කළේ නැහැ. ඉන් අනතුරුව තමයි මේ පිළිබඳව පරීක්‍ෂණ කෝප් කමිටුවට එන්නේ. කොප් කමිටුවේ පරීක්‍ෂණ ආරම්භ කළාට පසුව මහ බැංකුවේ ලියකියවිලි කෝප් කමිටුවට ලබා නොදීමට අර්ජුන මහේන්ද්‍රන් විවිධ උත්සාහයන් ගත්තා. එම ලියකියවිලි සංවේදී ලියකියවිලි කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලේඛන ලබා නොදීමට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මහ බැංකුවට පැමිණ පරිගණකවලින් තොරතුරු ලබාගන්න කිව්වා. මෙම බාධා කිරීම් නිසා කෝප් කමිටුව විශේෂ නිර්දේශයක් දුන්නා, ලියකියවිලි ලබාදෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි, කථානායකවරයා මගින් මහබැංකුවට බලපෑමක් කළා. ඉන් පසුව තමයි මෙම ගනුදෙනුව පිළිබඳ තොරතුර ලබාගත්තේ.
කෝප් කමිටුවේ කි‍්‍රයාවලිය වළක්වන්න ආණ්ඩුව විවිධ බලපෑම් කළා. කෝප් කමිටුවේ සභාපති අපේ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති සහෝදරයායි. කුඩා කුඩා බලපෑම්වලින් අපිට බලපෑම් කරන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. රාජපක්‍ෂ කළු දශකයේදී බොහෝ අය සැඟව සිටිද්දී රාජපක්‍ෂලාගේ ¥ෂණවලට එරෙහිව හඬ නැගුවේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. එවැනි ව්‍යාපාරයක් කුඩා කුඩා බලපෑම්වලට යට වෙන්නේ නැහැ. හඳුන්නෙත්ති සහෝදරයා කෝප් කමිටුවේ වාර්තාව සකස් කිරීම සඳහා දින දෙකක් එළිවෙනකල් වැඩකළා. ඒ වගේම වාර්තාව වළක්වන්න තවත් කඳවුරක් කටයුතු කළා. ඔවුන්ගේ සියළු උත්සාහයන් පරාජයට පත්කරමින් මහ බැංකු බැඳුම්කර පිළිබඳ සියලූ තොරතුරු අද පාර්ලිමේන්තුවට සභාගත කරන්න හැකිවුණා. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න සියලූ දෙනාට මෙය අත්පොතක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඇමුණුම් සමඟ පිටු 5,000කට ආසන්න ප‍්‍රමාණයක් සාක්‍ෂි සටහන් තිබෙනවා. මෙම මංකොල්ලයට සහභාගී වූ පුද්ගලයින් ගැන සඳහන් කොට තිබෙනවා. ගත යුතු කි‍්‍රයාමාර්ගද සඳහන් කොට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය ලබාදුන් සියලූම ජනතාවගේත්, අපට ඡුන්යද ලබා නොදී, අප ගැන විශ්වාසය තැබූ සියලූම ජනතාවගේත් බලාපොරොත්තු අබමල් රොනකින්වත් කඩ නොකර අපි කටයුතු කර තිබෙනවා.
මෙම ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු අතර ඔහුට මහබැංකුවේ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් එක් තනි ආයතනයක් ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට අයථා වාසියක් ඉපැයීමට හැකි වන ලෙස කටයුතු කිරීමට අරමුණු සහගතව කි‍්‍රයාත්මක වීමත් මහබැංකුවේ මූල්‍ය පාලනයේ විනිවිදභාව සහ විශ්වාසනීයත්වය සඳහා බරපතල අහිතකර තත්වයක් බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමටත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය ඉතා කෙටි කලකදී අධික ලාභයක් උපයා ගැනීම පිළිබඳව පූර්ණ බලැති යාන්ත‍්‍රණයක් මගින් පරීක්‍ෂණයක් සිදු කිරීමටත් ඇතුළු නිර්දේශ ගණනාවක් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් සකස් කරනවා පමණක් නොව එමගින් මහජනතාවට සිදුවී ඇති අලාභය නැවත පවරා ගැනීමත් පාර්ලිමේන්තුවටත් කෝප් කමිටුවටත් පැවරී ඇති වගකීමක් වෙනවා. දැන් ආණ්ඩුව මෙම කෝප් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතු වර්තමානයේ මහ බැංකුව තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ. මෙම ගනුදෙනුවේ කරුණු පිළිබඳවත් නිර්දේශ පිළිබඳවත් මූලික වගකීම පැවරෙන්නේ රනිල් වික‍්‍රමසිංහටයි. ඔහුට එයින් පැන යන්න පුළුවන්කමක් නැහැ. එම නිසා අපි අගමැතිවරයාගේ ප‍්‍රතිචාරය බලාගෙන ඉන්නවා. ඒ වගේම අප පක්‍ෂයක් ලෙසත් ඔබ මාධ්‍යවේදීන් ලෙසත් මේ රටේ අනෙකුත් මහජනතාවටත් වගකීමක් තිබෙනවා ¥ෂිතයින්ට දඬුවම් ලබාදෙන තෙක් රටට අහිමි වූ ධනය පවරා ගන්නා තෙක් බලපෑම් කිරීමට. කෝප් කමිටුව ලෙස අපිත් මෙය තල්ලූ කරගෙන ඇවිත් කඩඉමකට පැමිණ තිබෙනවා. පක්‍ෂයක් ලෙස අපි අවධාරණය කරනවා, දුෂිතයින්ට දඬුවම් දෙන තෙක්, හොරා කාපු ධනය නැවත අයකර ගන්නා තෙක් මෙම සටන ඉදිරියට ගෙන යනවා කියලා.
දැන් මේ ගනුදෙනුවේ හොරුන් පැත්තක. හොරුන්ට උදව් කරපු අය පැත්තක. ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා වෙනුවට රනිල් වික‍්‍රමසිංහලා, කිරිඇල්ලලා මාධ්‍ය ආයතනවලට ඇඟිල්ල දික් කරනවා. මාධ්‍යවේදීන්ට විශාල තර්ජනයක් කරනවා. මාධ්‍යවේදීන් කෝප් කමිටුවට වරප‍්‍රසාද කමිටුවට, පාර්ලිමේන්තුවට කැඳවිය යුතු බවට ප‍්‍රකාශ නිකුත් කරනවා. ආණ්ඩුව කිව යුත්තේ මාධ්‍ය ආයතනවලින් හෙළිදරව් කරපු කරුණු ඇත්තද බොරුද කියලා. එසේ නොකර මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම නොවේ. රජයේ මාධ්‍ය ආයතන, ඇතුළු මාධ්‍ය ආයත එකක් දෙකක් හැර අපේ රටේ බොහෝ මාධ්‍ය ආයතන මේ ගනුදෙනුව හෙළිදරව් කරන්න කටයුතු කළා. ඒ නිසා දැන් ආණ්ඩුව මාධ්‍ය දඩයම් කරන්න උත්සාහ කරනවා. රනිල් සහ ගෝල බාලයන් තමන්ගේ ඇෙඟ් පුළුවන් තරම් අසූචි තවරාගෙන ඉන්නවා. තමන් පිරිසිදු නොවී මාධ්‍යයට ඇඟල්ල දිගු කරන්න එපා කියලා අපි ඔවුන්ට අවධාණය කරනවා. දැන් හොරකම් එළිවෙලා ඉවරයි. දූෂිතයින්ට දඬුවම් ලබාදිය යුතුයි. අධිවේගී මාර්ග ටෙන්ඩර් ගනුදෙනු ඇතුළු තව තවත් බොහෝ වංචා මාධ්‍ය හරහා හෙළිදරව් වේ යැයි බියට මාධ්‍යයට තර්ජනය කරනවා. එය අප පක්‍ෂයක් ලෙස හෙළා දකිනවා පමණක් නොව එම තර්ජන පරාජයට පත් කරනවා.
මෙතනින් එහාට කි‍්‍රයාමාර්ග ගත යුත්තේ ආණ්ඩුවයි. නීතිපතිට කෝප් වාර්තාව යවා නීතිපති උපදෙස් අනුව කි‍්‍රයාමාර්ග ගත යුතුයි. රාජපක්‍ෂ පාලනය කාලයේදී ඉදිරිපත් වූ කෝප් වාර්තා 30ක් පමණ කුණු බක්කියට ගියා. එනිසා වංචා දූෂණවලට එරෙහිව වේදිකාවේ කරන කතාවලට සීමා නොවී කි‍්‍රයාමාර්ග ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ගනුදෙනුව පිළිබඳව වාර්තාව ඉදිරිපත් වෙලා තිබෙනවා. එම නිසා මහ බැංකුවට අදාල කාර්යභාරය අවසන්. නමුත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය ගැන පරීක්‍ෂණයක් කළ යුතුව තිබෙනවා. අගමැතිවරයා ඒ වෙනුවෙන් ගන්න කි‍්‍රයාමාර්ග ගැන අපි විමසිල්ලෙන් ඉන්නවා. කොයි වෙලාවෙත් පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුයි, ශක්තිමත් කළ යුතුයි කියලා ප‍්‍රකාශ නිකුත් කරන රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් ලබාදුන් මෙම නිර්දේශ කි‍්‍රයාත්මක කොට පෙන්විය යුතුයි.
සාක්‍ෂි සටහන්වල පැහැදිලිව තිබෙනවා, අර්ජුන මහේන්ද්‍රන් විසින් සිදුකළ ප‍්‍රකාශය. ඒ ප‍්‍රකාශයට අනුව කියවෙන්නේ මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක‍්‍රමවේදය වෙනුවට වෙන්දේසි ක‍්‍රමයට බැඳුම්කර නිකුත් කරන්න කියලා අගමැතිවරයා උපදෙස් ලබාදුන්නා කියලා. ඒ නිසා අගමැතිවරයාට වගකීමෙන් පැන යන්න බැහැ. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ ගජ මිතුරා බේරා ගන්න ඔහුගේ ගෝල බාල කණ්ඩායම මෙහෙයවපු බව හංගන්න දෙයක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි වූ පමණින් ඔහුට මහ බැංකුවේ ගනුදෙනුවලට උපදෙස් දෙන්න පුළුවන්කමක් නැහැ. ඔහුගේ වාක්‍ය දේව වාක්‍ය වෙන්න බැහැ. මහ බැංකුවේ ගනුදෙනු පිළිබඳව කුමන මණ්ඩලයෙන් තීන්දු ගත්තාදැයි රටට හෙළිදරව් කරන්න ඕනෑ. ඒ නිසා මෙම දුෂිත ගනුදෙනුවේ මුල් සැලසුම්කරුවා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බවට සාධාරණ සැකයක් ඇති වෙනවා.
මෙම පරීක්‍ෂණය සම්පූර්ණයෙන් හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වෙන්නේ නැහැ. මෙහි පරීක්‍ෂණයේ අඩක් කෝප් කමිටුව සිදුකරලා අවසන්. මෙහි ඉතිරි කොටස තමයි, හොරාගේ අම්මාට ළඟට යන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාවට කාර්යභාරයක් තියෙනවා කියලා. මෙවැනි වංචා දුෂණ සිදුකරන පාලනයක් වෙනුවට නව පාලනයක් ජනතාව විසින් පත්කර ගත යුතුයි. මේ ආණ්ඩුවලට තවදුරටත් අපේ රටේ හොරකම් නතර නොකළ හැකි බව අපේ රටේ ආර්ථිකය ගොඩගත නොහැකි බව, යහ පාලනයක් ගොඩනැගිය නොහැකි බව තව තවත් ඔප්පු කළ යුතුද? මේ පක්‍ෂ දෙකට රට පාලනය කළ නොහැකි බව තව ඔප්පු කරන්න ඕනෑද? එනිසා මේ පක්‍ෂ දෙකේ ඓතිහාසික කාර්යභාරය දැන් අවසන් කොට තිබෙනවා. මේ පක්‍ෂ දෙක එකම ශරීරයේ අංග දෙකක් පමණයි. එම නිසා ජනතාව වංචා දූණවලින් තොර පාලනයක් ගොඩනැගිය යුතුව තිබෙනවා.
අපේ රටේ ජනතාව හිතනවා, තමන්ගේ නිවසේ තිබෙන ධනය පමණයි තමන්ට අයිති කියලා. තමන්ගේ වත්තේ ගහක දෙයක් හොරකම් කළොත්, ගෙදර තිබෙන භාණ්ඩයක් හොරකම් කළොත් පොලීසියට යන්නේ තමන්ගේ දෙයක් නැතිවූ නිසයි. නමුත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා, අපේ රටේ මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේත් මහජන ධනය කියලා. ඒ මහජන ධනය තමන්ට අයිති බවත් ඒ ධනය ආරක්‍ෂා කරගත යුතු බවත් මහජනතාව තේරුම් ගත යුතුයි. ඒ නිසා එම මහජන ධනය හොරකම් කරන දූෂිතයින්, මංකොල්ලකරුවන්, පාලනයට ගේන්න නුසුදුසු බව ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.”
මේ අවස්ථාවට ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්සද සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.