ඉදිරි දින කිහිපය තුළ නව අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා අස්වීමට නියමිත බව ගයන්ත කරුණාතිලක පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මේ පළමු පියවර ලෙස විදේශ රැකියා හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් ඉදිරියේදී තව පිරිසක් එයට එකතු වන බව බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.